Colombo Today Local News

වෑන් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටී 08ක් රෝහලේ

කුරුණෑගල පුත්තලම මාර්ගයේ වාරියපොල වේරපොල ප්‍රදේශයේදී අද (09) උදෑසන සිදුවූ රිය අනතුරකින් 08 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.

කුරුණෑගල දෙසින් පැමිණි වෑන් රථයක් සහ පාදෙණිය දෙසින් පැමිණි කාර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුර හේතුවෙන් වෑන් රථයේ පැමිණි කාන්තාවන් තිදෙනෙකු ඇතුළු හය දෙනෙක් සහ කාර් රථයේ පැමිණි යුවලක් වාරියපොල දිසා රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි.

අනතුරින් බරපතළ තත්වයේ පසුවූ 07දෙනෙකුම වැඩිදුර ප්‍රථිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.

වෑන් රථයේ පැමිණි පිරිස හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර කාර් රථයේ පැමිණ ඇත්තේ මහව ප්‍රදේශයේ පදිංචි යුවලකි.

වාරියපොල පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

“රුවන්ගේ රථගාය තවම සුව වෙලා නෑ… බැණුම් අහන්නේ මමයි” – ජනපති

colombotoday

නවීන තාක්ෂණයෙන් වැසිකිළි හදනවා

Admin

අපි කවදාවත් වාහන ගන්නෑ කියලා නෑ

Admin

“රැවිටිලි කාරයා මහින්දයි… ආයෙත් අපෙන් සමාවක් නෑ..”- පියසේන ගමගේ

colombotoday

දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක් කරන්න ඉල්ලයි

colombotoday

මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නැවේ ශ්‍රී ලාංකිකයෝ 8 ක්

colombotoday