Colombo Today Local News

ජාතික රණවිරු සැමරුම ඉහලින්ම පැවැත්වීමට රජය තීරණය කරයි

තිස් වසරක යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන්ට ජාතියේ කෘතගුණ සැලකීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අභිමානවත්ව පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (8)දින පැවැත්විණි.

ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධාන කරන රණවිරු සැමරුම් උත්සවය මැයි 19 වනදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වේ.

මෙම රණවිරු සැමරුම් උළෙලට යුද්ධයේදී තුවාල ලැබූ රණවිරුවන්, දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් සහ පාසැල් ශිෂ්‍යභට කණ්ඩායම් ද සහභාගී කරවා ගැනීමට නියමිතය.

Related posts

“ගෝල්ෆේස් භූමියට සිදුව ඇති හානිය ‍අරගලකරුවන්ගෙන් අයකර ගන්නවා”

colombotoday

අද එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක ස්ථාන මෙන්න

colombotoday

එල්ලාවල මේධානන්ද හිමිට 80යි.. අභයාරාමයේදී ඥාණසාර හිමිගෙන් දානයක් !

colombotoday

අතුරුගිරියේ වෙඩිතැබීමෙන් ක්ලබ් වසන්ත මරුට

Admin

අසීලාචාර හැසීරීමට හේතු කියා සනත් නිශාන්ත කථානායකට ලිපියක් ලියයි

Admin

ධම්මිකගේ කොවිඩ් ඔසුවට ආයුර්වේද අනුමැතිය

colombotoday