Colombo Today Local News

ධනුෂ් ගේ නඩු ගාස්තුව නිව් සවුත් වේල්ස් නීති බලධාරීන් ගෙවිය යුතුයි – ධනුෂ් ගේ නීතිඥයා කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු ගාස්තුව නිව් සවුත් වේල්ස් නීති බලධාරීන් විසින් ගෙවිය යුතු බවට අධිකරණයේ හමුවේ ඔහුගේ නීතිඥයා විසින් තර්කයක් ඉදිරිපත් කර තිබේ.

එහිදී ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥයා පවසා ඇත්තේ නඩු විභාගය දිගින් දිගටම පමාද වීම හමුවේ මෙම නඩු ගාස්තු අදාළ බලධාරීන් විසින් ගෙවිය යුතු බවය.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණයකදී අද(4)ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ධනුෂ්කගේ නීතිඥයින් මෙම තර්කය ඉදිරිපත් කර තිබේ.

ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ඇප ඉල්ලීම තවත් සති දෙකක කාලයක් දක්වා කල්දැමීම හේතුවෙන් ඔහුගේ නීතිඥයින් මේ බව පවසා ඇත.

එහිදී ඔහුගේ නීතිඥන් වැඩිදුරටත් පවසා ඇත්තේ ධනුෂ්ක ගුණතිලක විදෙස් ජාතිකයෙකු බවත් දීර්ඝ කාලයක් තිස්සේ එරට නඩු කටයුත්තකට සම්බන්ධ වීම හරහා මේ වනවිට මහත් අපහසුතාවයකට පත්ව ඇති බවය.

අදාළ නඩුව එළඹෙන 18 වනදා යළි කැඳවීමට නියමිතව ඇත.

පසුගිය වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඔස්ට්‍රේලියාව බලා ගිය ධනුෂ්ක ගුණතිලක එරට තරුණියක් අතවරයට ලක්කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන මේ වනවිට දැඩි ඇප කොන්දේසි මත නිදහස්ව සිටී.

Related posts

හිටපු මන්ත්‍රී කාදර් මස්තාන් ස්වයං නිරෝධනයට

colombotoday

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 34ක ණය ආධාරයක් මහා භාණ්ඩාගාරයට

Admin

වී අලෙවි මණ්ඩලයෙන් කොළඹට අලුත් හාලක්

colombotoday

IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට

colombotoday

“වියදම් ගැන මම බලාගන්නම්.. අපි මේක කරමු බොස්” – ඇලෝසියස්ගේ ගිණුමෙන් මකා දැමුණු පණිවුඩයක් හමුවෙයි

colombotoday

ගමන් බෑගයේ තිබු සාෆික් ෆාතිමාගේ සිරුර සම්බන්ධයෙන් ඇගේ යෙහෙළිය සහ සැමියා අත්අඩංගුවට

colombotoday