Colombo Today Local News

ලංකාවේ ඵලදායිතාවය නැංවීමට ඕස්ට්‍රේලියාවේ සහය

ලංකාවේ ඵලදායිතාවය නැංවීම සඳහා ඕස්ට්‍රේලියා ඵලදායිතා කොමිසමේ සහාය ලැබී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

ඵලදායිතාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජාත්‍යන්තර ක්‍රමවේද සොයා බැලීම මෙම කොමිෂන් සභාවේ අරමුණ වන අතර මේ සඳහා ජාත්‍යන්තරව පිළිගෙන ඇති ඕස්ට්‍රේලියානු ඵලදායිතා කොමිසමේ සහාය රජය ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය මේ පිළිබඳ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට එකඟතාව පළ කර ඇත.

රටේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ක්‍රියාවට නංවා තිබෙන අතර ජාතික ඵලදායිතා කොමිෂන් සභාවක් පිහිටුවීම එහි ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන තිබේ.

Related posts

“සාමාන්‍යපෙළවත් සමත් නෑ.. අධ්‍යාපන සුදුසුකම් පෙන්වනු“ – රවීගෙන් සජිත්ට අභියෝගයක්

colombotoday

උත්සව සමයේ පොලිසියෙන් ජනතාවට දැනුම් දීමක්

colombotoday

කෝටි 3ක විදෙස් දුම්වැටි තොගයක් අල්ලයි

Admin

අගමැති රකින කෙනා මෙන්න

colombotoday

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මැකී ගිය දත්ත යළි ලබා ගන්න, විශේෂඥ සහය

colombotoday

හදිසි තත්ත්වයක්… කටුනායකට ආ යානය මත්තලට හරවා යවයි…

colombotoday