Colombo Today Local News

කුඹුරුයායක අභිරහස් ලෙස මිය ගිය කතකගේ සිරුරක්

කුඹුරුයායක නියරක් මත මුනින් අතරට වැටී අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් සොයා ගෙන තිබේ.

ඊයේ (02)දින ඌරගස්මංහන්දිය පොලිස් වසමේ වීරජනපදයේ පෙර පාසලක් පිටුපස තිබී එම මළ සිරුර හමුවූ බව පොලීසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ, 66 හැවිරිදි වල්ඉඟුරුකැටිය, ඌරගස්මංහ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

මරණකාරිය වැටී සිටි ස්ථානය අසල අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක් ද දක්නට ඇති අතර, අනවසර විදුලි රැහැනේ ගැටීමෙන් එම කාන්තාව මියයන්නට ඇති බවට පොලීසිය සැකකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

නොමිළේ වයි-ෆයි : අගමැති පොරොන්දුව අළුත් කරයි !

colombotoday

විහාරස්ථාන භූමියක නිධන් හාරමින් සිටි චීවරධාරියෙකු ඇතුළු පිරිසක් අල්ලති

colombotoday

ඉසුරුපායේදී පොලිසියේ තුනක් කැපුවේ බුද්ධි අංශෙන්?

Admin

හාම්පුතුන්ගේ විරෝධය මැද වතු සේවකන්ගේ රු.1000 වැටුප දෙවැනි වරටත් සම්මතයි

colombotoday

සුවහසක් බෞද්ධයාගේ වෙසක් පැතුමට ජනපති සවන් නොදෙයි. වෙසක් දිනයේදී ඥානසාර හිමිට නිදහසක් නෑ

colombotoday

අධික වැසි සමග ගංගා දෙකක ජල මට්ටම අවදානම් වෙයි

Admin