Colombo Today Local News

උතුරු නගනහිරට ෆෙඩරල් පාලනයකට යන ගමන කිසිවිටෙකවත් අත්හරින්නේ නෑ – විපක්ෂ නායක

sambandan

උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් දෙමළ ජනතාවට සම අයිතිවාසිකම් හිමිවන ෆෙඩරල් පාලනයක් එම පළාත් සඳහා ලබාදිය යුතු බවත් ඒ දක්වා යන ගමන කිසිවිටෙක අත්නොහරින බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පැවසීය.

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා මේ අදහස් පළ කර සිටියේ ත්‍රිකුණාමලයේ පිහිටි ඔහුගේ නිවසේදී පෙරේදා (01) දින පැවැති මහජන හමුවකදීය.
අප බලා‍පොරොත්තු වන ශ්‍රී ලංකාව අපට මතෙක් හිමි නොවුණු බවත් උතුරු නැගෙනහිර එක් කරමින් එම ජනතාවම පිළිගන්නා ස්ථිර දේශපාලන විසඳුමක් ගෙන එන තෙක් අපට ශ්‍රී ලාංකිකයන් සේ සිතිය නොහැකි බවත් ආර්. සම්බන්ධන් මහතා එහිදී ප්‍රකාශ කළේය.
උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාව ඔවුන්ගේ සම අයිතීන් හා නිදහස වෙනුවෙන් දීර්ඝ කාලයක සිට ස්ථිර දේශපාලන විසඳුමකට බලකර සිටි බව හෙතෙම පැවසුවේය.
එම අරගලයට මතෙක් ස්ථිර විසඳුමක් නොලැබුණද වත්මන් දේශපාලන වාතාවරණය තුළින් එම අරගලය ජයගත හැකි බව පෙනෙන්නට ඇති බවද හෙතෙම කියා සිටියේය.
දෙමළ ජනතාවගේ අඩුපාඩුකම් අර්බුදවලට විසඳුම් සෙවීමට අපට වත්මන් රජයේ ප්‍රබල අමාත්‍ය ධුරයක් ලබා ගැනීමට හැකිව තිබුණා. දුරකථන ඇමතුම් දහයකින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ බොහෝ ප්‍රශ්න විසඳීමටද හැකියාවක් තිබුණා. නමුත් අපේ ඉලක්කය එය නොවෙයි. යැයි සම්බන්ධන් මහතා කීවේය.
මා විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් පසු තම බලා‍පොරොත්තුව මෙන්ම අරමුණද වූයේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් දේශපාලන විසඳුමක් ගෙන ඒම යැයිද හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.

Related posts

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

ජනමාධ්‍ය අමාත්‍යාංශය මංගලගෙන් ඉවත් කරයි

colombotoday

“සුද­ර්ශනී පැණිය” දේශීය ඖෂධ නිෂ්පා­ද­න­යක් | රාජ්‍ය ඇමැති චන්න ජය­සු­මන

colombotoday

ජනපතිවරණයට දින 55 යි. ගැසට් නිවේදනය මෙම මස අගදී

colombotoday

පිළිකාකාරක පොල් තෙල් ප්‍රචාරය පිටුපස පාම් ඔයිල් කැවීමේ කුමන්ත්‍රණයක්. | සිද්ධිය පිටුපස විදේශ ඔත්තුකාරයෙක්? | සියල්ල හෙළි කරනවා.

colombotoday

ගිය ආණ්ඩුවේ අයවැයට වඩා මේ අයවැය සාර්ථකයි.. අපි අත් ඔස්වනවා ! – මහින්ද අමරවීර

colombotoday