Colombo Today Local News

පැය අටේ වැඩමුරය ජයගත් 137 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කර පැය අටේ වැඩමුරය ජයගත් ලෝක කම්කරු දිනය අද(01)යි.

අද අප සමරනු ලබන්නේ, 137 වැනි ලෝක කම්කරු දිනයයි.

1886 මැයි මස 01 වැනිදා කම්කරුවන් පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වුණේ තම වැඩමුරය පැය 8 කට සීමාකරන්නැයි ඉල්ලමින් ය.

වැඩවරා, සටන් පාඨ කියමින් එදින එම උද්ඝෝෂණයට එක්වූ පිරිස දහසකට අධික වු අතර තුන්වැනි දිනයේ ඊට එක්ව සිටි කම්කරුවන් පිරිස 65000 ඉක්මවූවේ ය.

1886 මැයි මස 03 වැනිදා වැඩවර්ජනයේ තීරණාත්මක දිනයකි.

හාම්පුතුන්ගේ මෙහෙයවීමෙන් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් පිරිසක් කම්කරුවන්ට ප්‍රහාරයක් එල්ල කළ අතර, සිව් දෙනෙකු මිය ගියේ ය.

දින 4ක් පුරා පැවැති මේ වැඩවර්ජනයට ලක්ෂ එක හමාරකට වැඩි පිරිසක් එක්වන්නට පටන් ගත් අතර, පෙර දින පහරදීමට එරෙහිව මැයි මස 04 වැනිදා කම්කරුවන් පිරිසක් චිකාගෝ නුවර , හේමාර්කට් චතුරශ්‍රයට එක් රැස් විය.

පොලිසිය හා කම්කරුවන් වචන හුවමාරුවක පැටලුණු අවස්ථාවේ එල්ල වු බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියකු ද මිය ගියේ ය.

ගැටුම තවත් වර්ධනය වූයේ, පොලිස් නිලධාරීන් 06 දෙනෙකුට ජීවිත අහිමි කරමින් ය.

මෙම ගැටුමේදී මියගිය කම්කරුවන් සංඛ්‍යාව කොපමණදැයි අදටත් නිශ්චිත නැහැ.

සටනට පණ දුන් කම්කරු නායකයින් වූ – ඔගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්සන්ස්, ඇඩොල්ෆ් ෆීෂර්, ජෝර්ජ් එන්ගල්, සැමුවෙල් ෆීල්ඩන් ,ලුවී ලින්ග්, මයිකල් ෂ්වොබ්, ඔස්කා නිබේ අත්අඩංගුවට ගැනුණු අතර පසුව නඩු පැවරිණි.

ඔස්කා නිබේට වසර 15 ක සිර දඬුවමක් නියම වු අතර සැමුවෙල් ෆීල්ඩන්ට සහ මයිකල් ෂ්වොබ්ට නියම වුණේ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමි විය.

සෙසු පස් දෙනා එල්ලා මැරීමට නියම කෙරිණ.

සේවා අයිතීන් වෙනුවෙන් අරගල කරමින් රතු ලේ වැගිරූ එම කම්කරු සගයින් සදාතනිකව සිහි කළ යුතු බවට ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේ 1889 වසරේදී ය.

ඒ අනුව සෑම වසරකම මැයි මස 01වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරිණ.

කම්කරු පක්ෂ නායක ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාව පළමු වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේදී ය.

Related posts

ලක්ෂ 38 ක ස්වර්ණාභරණ කොල්ලකා බෝට්ටුවෙන් පළාගිය කල්ලිය අල්ලයි

colombotoday

වැඩකරන්න කම්මැලි වූ පොලිස් රෝහල් අධ්‍යක්ෂක පොලිස්පති නියෝගයෙන් ඉවතට

colombotoday

යහපාලනය කරන්න ගොස් ‘බිලිවීමට‘ සිදුවූයේ මටයි – කවියක් කියමින් රවී කියයි

colombotoday

සිවිල් ආරක්ෂක බළකායට අයත් ඇදුම් කට්ටල හතක් සමග අයෙක් අත්අඩංගුවට…

colombotoday

ශ්‍රී පාද රජයේ ඉඩමක කඩ කුළිය ලක්ෂ 10යි… කඩ හිමියන් වන්දනාකරුවන්ව ගසා කයි !

colombotoday

තවත් පනත් කෙටුම්පත් 5කට කතානායකවරයාගේ සහතිකය

colombotoday