Colombo Today Local News

ඇමැති ගෝලය මැදිහත් වීමෙන් උපකුලපති තෝරන පරීක්‍ෂණයට විරුද්ධව ජනපතිට ලිපියක්

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා තෝරාගැනීමට අමාත්‍යවරයකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයකුගේ ද මැදිහත්වීමෙන් විශ්ව විද්‍යාල අධ්‍යක්ෂ ජනරාල්වරයා අනිද්දා (28)දින පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණය අත්හිටුවන ලෙස ඉල්ලමින් අයඳුම්කරුවන් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබේ.

එම ඉල්ලීම පිළිබඳව සොයා බලන ලෙස ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම්දී ඇති බව ද වාර්තා වේ.

එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා තෝරාගැනීමේ සම්මුඛ පරීක්‍ෂණය පසුගිය 11 වැනිදා පැවැත්වීමට නියමිතය තිබුණ ද ඒ සඳහා වන දැන්වීම් නිසියාකාරව ඉදිරිපත් කිරීමට නොහැකි වීමෙන් කල්දමා ඇති බවත් මීට පෙර පත්වූ උපකුලපතිවරු කීපදෙනෙක්ම ඉහළ නිලධාරියකුගේ ක්‍රියාකලාපය හේතුවෙන් ධූර කාලය අවසන් වීමට පෙර ඉල්ලා අස්වී ඇති බවත් දැනගන්නට තිබේ.

Related posts

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකයක්

colombotoday

හොර පොලිස් නිලධාරීන් 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට

Admin

හිටපු ජනාධිපති මෛත්‍රීපාලගේ රිට් පෙත්සම විභාගයට දින නියම කෙරේ

Admin

රැඳවියන් බලන්න අලුත් ක්‍රමයක්

colombotoday

‘ඉන්දියාවට තෙල් ගබඩා කරගන්න ත්‍රිකුණාමලය දෙනවා.. 2020 දිනන්නෙත් අපි‘ – අගමැති

colombotoday

කොළඹ අවන්හලක පිපිරීමක්

colombotoday