World

මාරාන්තික විය හැකි ඉන්දියාවේ කැස්ස සිරප් වර්ගයක් : ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස සිරප් වර්ගයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

පන්ජාබ්හි ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද මෙම කැස්ස සිරප්වල පරීක්‍ෂා කරන ලද සාම්පලවල පිළිගත නොහැකි රසායනික ද්‍රව්‍ය අඩංගු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

මෙම රසායනික ද්‍රව්‍ය මිනිසුන්ට විෂ සහිත බවත් පරිභෝජනය කළහොත් මාරාන්තික විය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මාෂල් දූපත් සහ මයික්‍රොනීසියාවෙන් හමුවී ඇති මෙම කැස්ස සිරප් භාවිතයෙන් කිසිවකු රෝගාතුර වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර නොමැති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම ඖෂධ නිෂ්පාදන සමාගම විසින් නියමිත නියාමන අවසරයන් ලබා ගැනීමෙන් පසු සිරප් බෝතල් 18,346 ක ප්‍රමාණයක් කාම්බෝජයට අපනයනය කර ඇති බව පිළිගෙන ඇති නමුත් සිරප් බෝතල් මාෂල් දූපත් සහ මයික්‍රොනීසියාව වෙත ලැබුණේ කෙසේදැයි ඔවුන් නොදන්නා බවද පවසා තිබේ.

Related posts

පෝලන්තයට වැටුණු මිසයිලයෙන් ලොවම කැළඹෙයි – ජෝ බයිඩන්ගෙන් ප්‍රකාශයක්

Admin

රුසියානු ජනපතිගෙන් ලෝක බලවතාට අභියෝගයක්

colombotoday

මොඩර්නා එන්නතට WHO අනුමැතිය

colombotoday

ගව ඝාතනයක් නිසා කේරලය ගිනියම් වෙයි. ප්‍රාන්තය පුරා ආරක්ෂාව තර කරයි

colombotoday

මුස්ලිම් ජාතිකයන්ට දෙන්නේ නෑ. අන්‍ය ජාතිකයන්ට පුරවැසිභාවය දෙන්න ඉන්දියාවෙන් පනතක් සම්මත කරයි.

colombotoday

දකුණු රුසියාවේ ඉන්ධන පිරවුම්හලක පිපිරීමක්

Admin