Colombo Today Local News

අව් රශ්මිය මදකට නිමා කරමින් ආ සැර සුළඟ පුත්තලම වනසයි

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසක් හරහා ඊයේ (25) දින සවස හමා ගිය සුළඟකින් නිවාස රැසක් හා වගාබිම්,සත්ව ගොවිපලවල් විනාශ වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී.හේරත් මහතා පවසයි.

මාසයකට ආසන්න කාලයක් පැවති දැඩි අව් රශ්මිය මදකට නිමා කරමින් මෙම මහ වැස්සක් සමග ආ මහා සුළගකින් ආණමඩුව, පුත්තලම, පල්ලම, නවගත්තේගම, ඇතුළු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ රැසක නිවාස 25ක් හා වගා බිම් සත්ව පාලන ගොඩනැගිලි ඇතුළු ස්ථාන රැසක් වැනසි ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය ද සනාථ කරයි.

මෙම සුළි සුළගින් නිවාස රැසක වහලවල් සම්පුර්ණයෙන් බිමට පතිත වී ඇති බවත් ඒ සමගම සත්ව ගොවිපලවල් හා වගාබිම් රැසක් ද විනාශ වී ඇති බව අදාල ප්‍රාදේශ වල රජයෙ නිළධාරිහු පවසති.

හිතා ගත නොහැකි අයුරින් මහ වැස්සක් සමග ආ සුළි සුළග සමග දැවැන්ත ගස් වැටි තිබු අතර ඇතැම් ගස් වල අතු මිටර්100 කට අධික දුරකට සුළගින් ගසා ගෙන ගොස් වැටි තිබු බව ජනතාව පවසයි.

Related posts

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නව විශ්වවිද්‍යාලයක්

colombotoday

බැදුම්කර වාර්තාවේ එජාපය ට අවාසි කොළ ඉවත් කරලා…

colombotoday

දුම්රිය ස්ථාන වලදී මගීන්ට කොන්ඩම් පහසුකම්

colombotoday

මන්ත්‍රීලාට වාහන දෙන යෝජනාවට අත්සන් කොකරන හේතුව පාර්ලිමේන්තු කටයුතු ලේකම් හෙළිකරයි

colombotoday

පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධීන් ගැන සෙවීමට කථානායකගෙන් විශේෂ කමිටුවක්

colombotoday

යුදහමුදා බුද්ධි අංශයේ මගේ පුතා ත්‍රස්තවාදියෙක්ද? රණවිරු මාපියෝ ආණ්ඩුවෙන් අසති

colombotoday