නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් වෙනත් රටකට යමින් සිටින අතරතුරදී බෝට්ටුව අනතුරට ලක්වී වියට්නාම මුහුදු සීමාවේදී බේරාගැනුණු ශ්‍රී ලාංකිකයින්ගෙන් තවත් පිරිසක් මෙරටට පිටුවහල් කර තිබේ.
ඒ අනුව 23 දෙනෙකු අප්‍රේල් 19 වනදා මෙරටට පැමිණි බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
2022 වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙක් ගමන්කරමින් සිටි වියට්නාම ධජය සහිත විශාල බෝට්ටුවක් වියට්නාම මුහුදු සීමාවේදී අනතුරට ලක්වුණි.
වියට්නාම වෙරළ ආරක්ෂක කණ්ඩායම් එම පිරිස බේරාගත් අතර දෙසැම්බර් මාසයේදී ඉන් 151 දෙනෙක් නැවත මෙරටට එවනු ලැබීය.