Colombo Today Local News

මිල කළ නො හැකි වාලම්පුරියක් සමඟ වනජීවි නිලධාරියා අත්අඩංගුවට

මිල කළ නො හැකි වාලම්පුරියක් ළඟ තබා ගෙන සිටි බව කියන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සත්ව අඩවි සහකාරවරයෙකු අද(21)දින අත්අඩංගුවට ගත් බව මිරිගම පොලිසිය පවසයි.

මිරිගම පොලිස් වසමේ අඹේපුස්ස රජයේ ගොවිපොල අසල දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොඩකලාන, ලෝලුවාගොඩ පදිංචි හතළිස් තුන් හැවිරිදි පුද්ගලයෙකි.

පුද්ගලයෙකු මිලකල නොහැකි වාලම්පුරියක් ලග තබා ගෙන සිටින බවට වැළිසර නාවික හමුදා කදවුරේ නිළධාරින් හට ලද තොරතුරකට අනුව මිරිගම පොලිස් ස්ථානයේ රාත්‍රි ජංගම සංචාරයේ නිළධාරින් කණ්ඩායම විසින් සිදු කරනු ලැබූ සෝදිසි යෙදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

වනජීවි නිලධාරියා වෙත මෙම වාලම්පුරිය ලැබුණු ආකාරය හෙළි කර ගැනීමට ද පරීක්ෂණ පැවැත්වේ මිරිගම පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Related posts

ශ්‍රීලනිපයේ පිංගුත්තරයො ටික ආයෙත් ආණ්ඩුවට එපා… තනි එජාප ආණ්ඩුවක් හදනවා – දිලිප් වෙදආරච්චි

colombotoday

ඊ නිව්ස් සඳරුවන් ජනපති ළඟ දනින් වැටෙයි

colombotoday

මහින්ද පැරදුනේ කහ ඉරි අනිවාර්ය කරපු නිසයි – බැසිල්ගෙන් අමුතු කතාවක්

colombotoday

ෆයිසර් එන්නත ලබාදීමේ පූර්ණ බලය යුද හමුදාවට

colombotoday

දේශබන්දුට එරෙහිව සාක්ෂි දුන් මාතර DIGට මරණ තර්ජන!

colombotoday

රංජන්ගේ නිල නිවාසත් අහිමි වන ලකුණු

colombotoday