Colombo Today Local News

ඇමති රාජිත සෞඛ්‍ය අමාත්‍යාංශයේ අළුත් තනතුරක් හදා සමීප හිත‍වතෙකුට දෙයි!

rajitha 26h5

ඖෂධ සහ වෙනත් වෛද්‍ය සැපයුම් රෝහල්වල හිඟ වීම සම්බන්ධයෙන් සොයා බලා කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා යයි කියමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ නව තනතුරක් ඇති කර තිබේ. ඒ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය සැපයුම් ලෙසයි.

මෙම නව තනතුර සඳහා ඊයේ (29) සිට කි‍්‍රයාත්මක වන පරිදි වෛද්‍ය කමල් ජයසිංහ මහතා පත්කර ඇත. ඔහු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ සමීපතම හිත මිතුරෙකි.

ඖෂධ සහ වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් මීට පෙර ප‍්‍රධාන බලධාරියා වූයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාය.

වෛද්‍ය ලාල් පනාපිටිය මහතා එම තනතුරෙහි තවදුරටත් කටයුතු කරයි.

කෙසේ වෙතත් ඊයේ (29) සිට කි‍්‍රයාත්මක නව තනතුර ඔහුට වඩා ඉහළින් පිහිටන එකකි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කල මහාචාර්ය ලාල් ජයකොඩි මහතාත්, එහි ප්‍රධාන විධායක නිළධාරිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ක්‍රිෂාන්ත වීරසූරිය මහතාත් ඉවත්කර, එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය අතුල කහඳලියනගේ මහතාද, ප්‍රධාන විධායක නිළධාරීවරයාවරයා ලෙස තම හිතමිත්‍ර වෛද්‍ය කමල් ජයසිංහ මහතාත් පත්කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මිට ඉහතදී උත්සහ කලද ජනාධිපතිගේ මැදිහත්වීම මත එය අසාර්ථකවිය.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට හදිසියේම විදුලිය ඇනහිටී

Admin

යහපාලනය දෝරෙ ගලනවා.. අද තරුණ පරපුරටම ප්‍රශ්න.. Facebook එකෙන් විතරක් කෑගැහුවට මදි

colombotoday

විවෘත මාධ්‍ය වැඩමුළුවක් 25 දා කොළඹදී !

colombotoday

ඡන්දෙට පොහොට්ටුව 9 වැනිදා වැඩ අල්ලයි.

colombotoday

රාජිතගෙන් ශිරාල් ලක්තිලකට දරුණු ප්‍රහාරයක්

colombotoday

“වැඩ කරලා හරි මහන්සියි.. ඇමරිකා ගිහින් සති එකහමාරක් විතර නිදා ගන්නවා“ – අගමැති

colombotoday