Colombo Today Local News

ටෙලිකොම් කොටස් පැවරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මහා භාණ්ඩාගාරය සතු රජයේ කොටස් පැවරීම වළක්වමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීමට පියවර ගැනීම වළක්වමින් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් වෙත තවත් නියෝගයක් නිකුත් කරන ලෙසද එම පෙත්සමෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා සමස්ත විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජේ. බී. ගුරුසිංහ සහ ලේකම් එච්. කේ. හෙට්ටිආරච්චි යන අය විසින් පෙත්සම ගොනු කර තිබේ.

Related posts

පොලිස් වැටුප 40%කින් ඉහළට !!

colombotoday

ගිරිතලේ වැවට ජලය සැපයෙන ඇළ මාර්ගයකට කොවිඩ් ඇඳුම් කට්ටල විසිකරලා

colombotoday

තේ බොන්නේ බලාගෙනයි – තේ වර්ග දහයකට මාරාන්තික වර්ණකාරක කලවම් කරලා

colombotoday

උතුරේ නැවතත් ජාතිවාදී ක්‍රියා හිස ඔසවනවා.. හමුදා ශක්තිය තර කරන්න – ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය

colombotoday

සිංහල අයගේ මතය අනික් අය බලහත්කාරයෙන් ඔබ්බගන්න ඕනි නෑ. ආදාහනය ගැන අලි සබ්රි කියයි

colombotoday

මුස්ලිම් තරුණයෙකු පල්ලියක් තුල ගිනිතබාගෙන සියදිවි නසා ගනියි.

colombotoday