Colombo Today Local News

මහනුවර අකුරණ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක්

මහනුවර අකුරණ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරන්නේ, ඊයේ රාත්‍රියේ සිට මෙලෙස අකුරණ නගරයේ ආරක්ෂාව තර කර ඇති බවය.

අද දිනය තුළ අකුරණ නගරයේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවනු ඇති බවට ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන 118 හදිසි ඇමතුම් අංකයට ඊයේ රාත්‍රී දුරකථන ඇමතුමක් ලැබී තිබුණි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් එම ප්‍රදේශයට පිටත් කර හැර ඇති බව සදහන් වෙයි.

අවශ්‍ය වුවහොත් අතිරේක හමුදා කණ්ඩායම් ද එම ප්‍රදේශයට යැවීමට සූදානම් කර ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.

දැනට අනුයුක්ත කර ඇති පොලිස් කණ්ඩායම් යළි දැනුම්දෙනතුරු එම ප්‍රදේශයේ ආරක්ෂාව සදහා යොදවා තිබේ.

Related posts

වත්මන් කණ්ඩායමට රට වෙනුවෙන් ජයග්‍රහණයන් ලැබීමේ ආකල්පය නැහැ

colombotoday

ඉන්දන මිල යලි සංශෝධනයක

Admin

මෙරට තායිලන්ත තානාපතිගේ නිවසට හොරු පනී… කෝටි 100ක බඩු උස්සලා

Admin

පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීම – මන්ත්‍රී රත්තරන්ට ඇප

colombotoday

පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර ගහලා

colombotoday

රැකියා ලක්ෂ පහක් භාර ගන්න සූදානම් වෙන්න – ඇමති රවී තරුණයන්ට කියයි

colombotoday