Colombo Today Local News

බෙරගලදී ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළෙයි

අද (19) උදෑසන බෙරගල සිට හපුතලේ දක්වා ගමන් ගත් ත්‍රිරෝද රථයක් රියදුරුට නින්දයාම හේතුවෙන් අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් තිබේ.

හපුතලේ – බෙරගල මාර්ගයේ දී ත්‍රීරෝද රථය එලෙස ප්‍රපාතයට පෙරළී ඇති බව වාර්තා වේ.

අනතුරට පත්වු ත්‍රීරෝද රථයේ රියදුරු බෙරගල හෝටලයක හිමිකරුවෙක් වන අතර හපුතලේ බැංකුවකට මුදල් තැන්පත් කිරීමට යන අතරතුර අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ මාර්ගයේ ගමන්ගත් නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් තුවාලකරුව දියතලාව මුලික රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලැබු පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන බව ද වාර්තා වේ.

Related posts

ගණිත ගැටළු සරලව විසදන උපකරණයක් හදා රටේ නම ලෝකයට ගෙන යන යාපනේ සෝමසුන්දරම්

colombotoday

මසක් තුළ කළ වැටලීම්වල දී විවිධ වර්ගයේ ගිනි අවි 176ක් සොයාගනී

colombotoday

ආගමට වඩා මනුෂ්‍ය ජීවිතය ලොකුයි – කාදිනල්

colombotoday

සතොස භාණ්ඩ කීහිපයක මිල පහළට

Admin

රැට්ටා, ලහිරු, ජගත් ඇතුළු 7ක් පොලිසියට භාර වෙති

colombotoday

පොහොට්ටුව අගනුවර බලයත් අල්ලයි.. නගරාධිපති මධුර විතානගේ

colombotoday