Colombo Today Local News

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියමට කැබිනට් අනුමැතිය – නව පනත මැයි අවසානේ පාර්ලිමේන්තුවට

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියමට සහ යෝජිත කාල රාමුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමි මේ බව සඳහන් කළේය.

මැයි මස අවසන් වන විට නව විදුලිබල පනත පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බව එහි දැක්විය.

මීට අමතරව ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධීකරණයට කාර්යාංශයක් පිහිටුවීමට අනුමැතිය හිමිවු බව එම ට්විටර් පණිවිඩයේ සඳහන් ය.

ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව , US AID ආයතනයේ සහ JICA ආයතනයේ සහය එම ක්‍රියාවලියට සහ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙළට ලබා ගැනීමටත් කැබිනට් අනුමැතිය හිමිවු බව විදුලි බල හා බල ශක්ති අමාත්‍යවරයා සදහන් කරයි.

මූල්‍ය සහ මානව සම්පත් විගණනයන් අවසන් කිරීමට මෙන්ම ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්පූර්ණ ක්‍රියාවලිය 2023 වර්ෂයේ ඔක්තෝබර් මස අවසන් වන විට සම්පූර්ණ කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් ය.

Related posts

ඇමති දිලාන් නැවතත් එජාපයට ප්‍රසිද්ධියේ බැණ වදී (Video)

colombotoday

ලසන්ත ඝාතනය ගෝඨ පටලවන්න කට උත්තර දුන් ෆොන්සේකා තමන්ට විරුද්ධවම සාක්ෂි දී ගනී

colombotoday

විල්පත්තුවේ වන සංහාරය නැවත අරඹයි – පොලිසියේ, වනසංරක්ෂණයේ අතපය බැඳලාද?

colombotoday

ඉන්දීය විදේශ ඇමති ජයශංකර් අද දිවයිනට

Admin

රාත්‍රි දුම්රියවල තැපැල් මැදිරි අත්හිටවයි

colombotoday

නව අගමැතිගේ රජයේ කැබිනට්ටුව 20කට සීමා වෙයි

colombotoday