Colombo Today Local News

ආගමික කටයුතු හා නිදහසේ කාලය ගතකිරීමට පමණක් ගාලු මුවදොර පිටිය වෙන්කෙරේ

ආගමික කටයුතු සඳහා හැර ගාලු මුවදොර පිටියේ සුන්දරත්වයට හානි වන හෝ හානි කළ හැකි සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා ගාලු මුවදොර පිටිය භාවිත කිරීම සඳහා අවසර ලබා නොදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඊයේ (17)දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි මෙම තීරණය ලබන 20 වැනිදා සිට බලපැවැත්වෙනු ඇති.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමාජ වගකීම් ව්‍යාපෘතියක් වශයෙන් ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම භාර ගනු ලැබ ඇති බවත් මේ වන විට සිදු කරනු ලැබ ඇති සංවර්ධන කටයුතු සඳහා එම අධිකාරිය විසින් රුපියල් මිලියන 220ක් පමණ වැය කරනු ලැබ ඇති බවත් අදාළ කැබිනට් තීරණයේ සඳහන් ය.

කැබිනට් තීරණයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පසුගිය අරගල කාලසීමාව තුළදී සිදු වී ඇති දේපළ හානි අලුත්වැඩියා කටයුතු සඳහා පමණක් රුපියල් මිලියන 6.6ක් වැය කරනු ලැබ ඇති බවයි.

මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට හැකි වන පරිදි මෙම භූමිය පවත්වා ගෙන යා යුතු නමුත් සංගීත සංදර්ශන සහ ජනතාව විශාල වශයෙන් එක්රැස් වන වෙනත් ක්‍රියාකාරකම් හේතුවෙන් එම භූමිය නිතර හානි වන අතර පරිශ්‍රයේ සුන්දරත්වය සහ දර්ශනීය ස්වභාවය පවත්වා ගෙන යාමට අපහසු වී ඇති බව ද එහි සඳහන් ය.

Related posts

සෞදි අරාබිය වයස 18 ට අඩු විවාහ තහනම් කරයි – අරාබියෙත් නැති ගෝත්‍රික නීතිය ලංකාවේ තවම ක්‍රියාත්මයි !

colombotoday

පෝට් සිටී සමග ඉදිරියට යන්න චීන ආයෝජකයිනි ලංකාවට එන්න – අගමැතිගෙන් චීන ආයෝජකයන්ට ඇරයුම්

colombotoday

තව ටික දවසකින් අවශ්‍යනම් පමණක් හාල් පොල් ගන්න කියයි

Admin

‘නුවර ගැටුමට සිංහල තරුණයන් පමණක්‌ අත්අඩංගුවට ගැනීම ගැන සැකයි’ – මාවරලේ භද්දිය හිමි

colombotoday

විශ්ව විද්‍යාල පනතට අත තියන්න එපා | සජිත් ප්‍රේමදාස තග දමයි.

colombotoday

600ක් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරයි

colombotoday