Colombo Today Local News

මැයි මාසයේ දී පාරිභෝගිකයින්ට පාලන මිලෙන් පහළට බිත්තර

මැයි මස පළමුවන දින සිට පාලන මිලට අඩුවෙන් පාරිභෝගිකයින්ට බිත්තර ලබාදීමට කටයුතු කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

කෙසේවෙතත් එදින තෙක් පාලන මිලට බිත්තර අලෙවි කිරීම දුෂ්කර බව එහි සභාපති සරත් රත්නායක මහතා සදහන් කරයි.

“අපි මිල බැස්සුවට ඉල්ලුම නිසා වෙළෙඳ මහත්තුරු ඇවිල්ලා රුපියල් 46 – 47ට මේ බිත්තරය අරන් යනවා. ඒක අපට නවත්වන්න බෑ. අපි පාරිභෝගික අධිකාරියට කියන්නේ අපිට පහුගිය ටිකේම දඩ ගැහුවා. ඒ වුණත් පාරිභෝගික අධිකාරියට තාම බැරිවුණා නිත්‍යානුකූලව බිත්තරයක් පාලන මිලෙන් පහළට ගන්න. හේතුව ඉල්ලුම හා සැපයුමට තියෙන හිඟතාවය නිසා. මම හිතන්නේ මාස 8ක් විතර මේ ගොවියට පාරිභෝගික අධිකාරිය සෑහෙන හිරිහැරයක් කළා. මම පාරිභෝගික අධිකාරියට හා ඇමතිතුමාට කියන්නේ මේ නිෂ්පාදනය කරන ගොවියෝ ගෙනල්ලා වෙළෙන්ඳොත් ගෙනල්ලා මේ දවස් 7 – 8 පනහෙන් මෙහා බිත්තරයක් පාරිභෝගිකයාට යන ක්‍රමවේදයකට අපි සාකච්ඡාවට කැමතියි. මැයි 1 වනදා වෙනකල් පාරිභෝගිකයාට බිත්තරය 50න් මෙහා විකුණන්න අවසරය දෙන්න. කිසිම ප්‍රශ්නයක් නෑ. මැයි 1 දායින් පස්සේ අපි පාලන මිලෙන් පහළට බිත්තරයක් යන්න ඉඩ සලසනවා.”

Related posts

රංජිත් මද්දුමබණ්ඩාරගේ වාරණ නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

වසර 30 ක් තිස්සේම වසා දමා තිබූ කන්තලේ සීනී සමාගම යළි ආරම්භ කිරීමට සූදානම් !

colombotoday

මත් ජාවාරම්කරුවන් එල්ලන දිනය තීන්දුයි – ජනපති

colombotoday

ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය දෙකඩ කරන්නැයි ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලයි

colombotoday

සේවක වැටුප් පිලිබද තීරණයක්

Admin

පරිවාසභාරයේ සිටින දරුවන්ට වෘත්තීය පුහුණුව

colombotoday