Colombo Today Local News

තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ රැඳවියන් 9ක් පලා යයි

බදුල්ල, තල්දෙණ තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ රැඳවියන් 9 දෙනෙකු පලාගොස් තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා සඳහන් කරන්නේ, රාමසාන් උපවාසයේ නිරතව සිටි රැඳවියන් 9 දෙනෙකු අද (17) අලුයම එලෙස පලාගොස් ඇති බවයි.

ඔවුන්ගෙන් දෙදෙනෙකු මේ වන විටත් බන්ධනාගාර නිලධාරින්ගේ භාරයට ගෙන තිබේ.

පලාගිය සෙසු රැඳවියන් සොයා පොලිසිය සමග එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇතැයි, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

Related posts

මැතිසබයේ උණුසුම් තත්ත්වයක්

Admin

කතානායකගෙන් ජනපතිට සැර පිළිතුරක්

colombotoday

අලුත් පොලිස්පති ‘පොලිස් දෙපාර්තමේන්තුව’ නැති කරයි.. අවසාන මාධ්‍ය සාකච්ඡාවත් තියයි

colombotoday

ජවිපෙත් සමග එක්වී සම්මතකරගත් 20 සංශෝධනය රැකගන්න TNA උසාවි යයි

colombotoday

අටළුගම ෆාතුමාට තර්ජනය කල එජාප මංත්‍රී ඉමිතියාස් යලි රිමාන්ඩ්

colombotoday

මහනුවර ආරක්ෂාවත් තර කරයි

colombotoday