Colombo Today Local News

ඇමතිකම නමට විතරයි – රනිල් සහ රවී සමග කබීර් හෂීම් ගැටෙයි

kabir_harshim

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතාට ප්‍රරබලම කැබිනට් ඇමැති ධුරයක් ලැබී තිබුණ ද එය නමට පමණක් සීමා වූ ඇමැතිකමක් වීම නිසා හෂීම් මහතා ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමේ සූදානමක පසුවන බව වාර්තා වේ.
මෙම ඇමැති තනතුරට අදාළව ආයතන වෙන් කිරීමේ දී රාජ්‍ය බැංකු ඇතුළු ප්‍රබල රාජ්‍ය ආයතන තිස් ගණනක් අයත්ව තිබිණි.

එහෙත් හෂිම් මහතාට මේ වන තෙක් තම විෂය පථය යටතේ ඇති කිසිදු ආයතනයක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ හෝ එකදු සංස්ථාවක හෝ නිලධාරියකු පත් කර ගැනීමට හෝ හැකියාවක් ලැබී නොමැත.

එම ආයතනයන්හි ඉහළ තනතුරු දින සියයේ ආණ්ඩු සමයේ දී මුදල් ඇමැති රවී කරුණානායක මහතා විසින් පුරවනු ලැබූ නමුත් වත්මන් ආණ්ඩුව පිහිටුවීමේ දී අගමැතිවරයා හෂිම් මහතාට දැනුම් දී තිබුණේ ඊට සුදුසු පුද්ගලයන් පත් කර ගන්නා ලෙසය. එහෙත් රවී කරුණානායක මහතා විසින් පත් කරනු ලැබු කිසිදු නිලධාරියකු එම තනතුරුවලින් ඉවත් නොවූ අතර මේ සම්බන්ධයෙන් හෂීම් මහතා කරුණානායක මහතාගෙන් කළ විමසීමක දී පවසා ඇත්තේ එම නිලධාරීන් කිසිවකු හෝ ඉවත් නොකරන ලෙස අගමැතිවරයා විසින් දැනුම් දී ඇති බවය.

මේ තත්ත්වය මත සත්‍යය පවසන්නේ අගමැතිවරයා ද කරුණානායක මහතා ද යන්න තෝරාගත නොහැකි බැවින් ඉදිරි සතිය තුළ දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බව කබීර් හෂීම් මහතා තම හිතවතුන් සමඟ පවසා ඇත.

Related posts

සිර කරුවන් හුවමාරු කිරීමට රටවල් අතර ගිවිසුමක්

Admin

සියළු ආදායම් යෙදවූවත් ණය පොලී ගෙවීමටත් මදි.. ආර්ථිකයට වෙන්න යන දේ මෙන්න

colombotoday

බස් මගීන්ගේ ගැටලු ඉදිරිපත් කරන්න BAD BUS

colombotoday

ක්‍රීඩා ඇමති නාමල් ඇතුළු පිරිසකට නොතීසි

colombotoday

සැමියාට කලිසම් වාටියේ සඟවා කුඩු ගෙන ගිය බිරිය අත්අඩංගුවට

Admin

බෝනස් ඕනෙමයි

Admin