Colombo Today Local News

වෛද්‍යවරියකගේ ඉංජිනේරු සැමියා අබිරහස් ලෙස මිය ගිහින්

මඩකලපුව රෝහලේ වෛද්‍යවරියකගේ ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරන සැමියා නිවස තුළ අබිරහස් ලෙස මියගොස් සිටියදී අද (11) දහවල් සොයාගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට ජයලියගම සියඹලාගොඩ පදිංචිව සිටි පී. ඒ පුෂ්පකුමාර නිශ්ශංක නමැති 58 හැවිරිදි අයෙකු බව කහතුඩුව පොලීසිය සඳහන් කරයි.

ඉංජිනේරුවරයාගේ නිවසින් කිසිදු ශබ්දයක් නොඇසීම හේතුවෙන් යාබද නිවසේ පුද්ගලයා තවත් පුද්ගලයකු සමග එක්වී අදාළ නිවස පිටතින් පරීක්ෂා කර තිබේ.

එහිදී නිවස තුළින් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් නිවසේ ජනෙලයක් විවෘතකර අදාළ පුද්ගලයා නිවස තුළට ඇතුලූ වී ඇත.

එහිදී, ඉජිනේරුවරයාට නිවසේ සාලයේ පුටුවක් අසල ලේ විලක් මැද මුනින් අතට වැතිරී සිටින අයුරු ඔහු දැක තිබෙන බව පොලීසිය කියයි.

එම පුද්ගලයා කහතුඩුව පොලීසියට කරන ලද දැනුම් දැනුම්දීමක් අනතුරුව පොලීසිය පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

ඉංජිනේරුවරයා පමණක් නිවසේ තනිවම සිට ඇති අතර ඔහුගේ බිරිඳ මඩකලපුව ප්‍රදේශයේ රෝහලක සේවය කරන බවට පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණ පරීක්ෂණ පවත්වා තිබේ.

Related posts

අර්ජුනගේ මාධ්‍ය මාෆියාවේ සන්ඩේ ලීඩර් සහ ඉරුදින මාධ්‍යවේදීන්ට වැටුප් නෑ !

colombotoday

පිටරටින් වැඩමවන බුදු පිළිම වහන්සේලා ගැන රජයෙන් නිවේදනයක්

colombotoday

බිලියන 2.5ක් වන්දි ඉල්ලා ඇවන්ගාර්ඩ් නඩු දමයි !

colombotoday

අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමට අවධානය

colombotoday

අන්තර්ජාලයෙන් මත්පැන් පෙරීම ප්‍රවර්ධනය කරන්නන් අත්අඩංගුවට

colombotoday

කරුවලගස්වැව වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මරුට

Admin