Colombo Today Local News

මාළු ගන්න ගිය දැරියක් අධික තෙරපීම නිසා මුහුදට වැටෙයි

බේරුවල ධීවර වරායේ ජැටියෙන් ජලයට වැටුණු දැරියක් බේරාගැනීමට බහුදින ධීවර යාත්‍රාවක සිටි පුද්ගලයකු සමත්ව තිබේ.

අලුත් අවුරුදු සමය වෙනුවෙන් මාළු මිලදී ගැනීම සඳහා අද (11)දින පියා සමග එම දැරිය වරායට පැමිණ ඇත.

එම අවස්ථාවේදී මාළු මිලදී ගැනීම සඳහා ධීවර වරායට විශාල පිරිසක් පැමිණ සිට ඇති බව ද වාර්තා වේ.

එහිදී සිදුවූ අධික තෙරපීම හේතුවෙන් තවත් පුද්ගලයකුගේ ශරීරයේ වැදී සමබරතාවය මිදී ගොස් එම දැරිය ජලයට වැටී ඇත.

දැරිය ඇද වැටෙන අයුරු දුටු බෝට්ටුවක සිටි ධීවරයකු වහා ජලයට පැන දරුවා ගොඩගෙන තිබේ.

Related posts

හිටපු කොටින්ගේ ප්‍රහාරක සැලසුමක්.. ත්‍රස්ත විමර්ශන ඒකකය අනාවරණය කරයි !!

colombotoday

ඩුබායි වලින් ආ නිකටින් අඩංගු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8,000ක් රේගු භාරයට

Admin

බෝගොල්ලාගම බිරිය හා දියණිය අධිකරණයට බාර වෙයි….

colombotoday

වසර ගණනකට පසු පොලිස් පොඩ්ඩන් 9317කට උසස් වීම් දෙන්න කැබිනට් අනුමැතිය

Admin

“කාන්තාවනි ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙමු”

Admin

කාන්තන්කුඩි පොලීසියේ නිලධාරියෙක් ඝාතනය කෙරේ

colombotoday