Colombo Today Local NewsUncategorized

රසායනික අවි ප්‍රහාර වැළැක්වීම ගැන මැතිසබයට පුහුණුවක්

රසායනික අවි ප්‍රහාර වැළැක්වීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රම සහ විධි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව බාර නිලධාරීන්ට විශේෂඥ උපදෙස් මාලාවක් පසුගියදා ලබාදී තිබේ.

මෙම උපදෙස් දෙනු ලැබ ඇත්තේ යුද හමුදාවේ විශේෂඥ කණ්ඩායමක් විසිනි.

මෙම උපදෙස් ලබාගත් පිරිසට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව බාරව සිටින පොලීසියේ, යුද හමුදාවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ නිලධාරීහු ඇතුළත් වූහ.

පාර්ලිමේන්තුවේ ඇති යම් යම් ද්‍රව්‍ය එවැනි ප්‍රහාර සඳහා යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටින්නේ රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන ආරක්ෂක පියවරක් ලෙස මෙම උපදෙස් මාලාව දුන් බවයි.

මේ අතර රසායනික අවි ප්‍රහාර සම්බන්ධයෙන් සමාජයේ පසුබිම් දිනවල විශේෂ කතාබහක් ඇතිවිය.

Related posts

ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් ධූරයට තට්ටු වෙන ලකුණු

colombotoday

කොවිඩ් ආසාදිතයන් ගණන 1209 දක්වා ඉහලට

colombotoday

මහනුවර මගුල් මඩුවේ අසිරිමත් සිදුවීමක්.. පින් පමුණුවද්දී කැප්පෙටිපොළ රුව වටාපතේ දිස්වෙයි

colombotoday

රනිල්ගෙන් වෙන් වී ගීතා සජිත් ලඟට

Admin

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 7ක මිල සතොස පහත දමයි

Admin

ශ්‍රී ලංකා කණ්ඩායම යලි ලංකාවට

Admin