Colombo Today Local News

එංගලන්ත යුවළකගේ වටිනා දේපල දමා තිබූ සේප්පුව සොරා ගෙන

වස්කඩුව අතිසුඛෝපභෝගී සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි එංගලන්ත ජාතික යුවලගේ රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා විදේශීය මුදල් ඇතුළු තවත් වටිනා දේපල බහා තිබූ සේප්පුව ( ලොකරය) ඊයේ (5) රාත්‍රී සොරාගෙන ගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.

සොරාගෙන ගිය එම දේපළ අතර රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා පවුම් තොගයක් අත් පළඳනාවක් මුදු,ඔරලෝසුවක් ඇතුළු තවත් දේපල වන බව පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

මිට සති දෙකකට පමණ ඉහත දී මෙරට සංචාරයට පැමිණ එංගලන්ත ජාතික යුවළ එම හෝටලයේ නවාතැන් ගෙන තිබූ අතර ඊයේ (5) රාත්‍රී නවාතැන් ගෙන සිටි කාමරයට පෙනෙන දුරින් ආහාර ගනිමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු ඔවුන් නවාතැන් ගෙන සිටි කාමරයට සූක්ෂම ලෙස ඇතුළු වී වටිනා බඩුබාහිරාදිය දැමීමට හෝටලයෙන් ලබාදුන් සේප්පුවක් බඳු ලොකරය රැගෙන ගොස් තිබූ බව එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක නිලධාරියා ගෙන් ද ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත් බව පොලිසිය පවසයි.

සොරකම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වි ඇති අතර ඉතා ඉක්මනින් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කරයි.

කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් මත පරීක්ෂණ සිදු කරයි.

Related posts

අනුරගෙයි, විජිතගෙයි මතය ජවිපෙ බහුතර මතය නෙවෙයි – දිගු නිහැඬියාවකට පසු ලාල්කාන්ත කතා කරයි.

colombotoday

නිදහස් කරන්න අවශ්‍ය කටයුතු රජය කරනවා.. තව ටිකක් ඉවසන්න – සුමන්තිරන් කොටි සැකකරුවන්ට කියයි

colombotoday

16 කණ්ඩායම ගෝඨාභය හමුවෙයි..

colombotoday

මුස්ලිම් ඇමැති බලපෑම් එපා…! සියලූ අන්තවාදී බලවේග තහනම් කරමු – ත්‍රෛයිනිකායේ හඬ මෙයයි!!

colombotoday

විශ්‍රාමයාමේ වයස් සීමාව ඉහළට

colombotoday

ශ්‍රීලනිප ඇමති තුනකට එරෙහිව එජාපයෙන් කැරැල්ලක්.. පළමු පියවර ක්‍රියාත්මකයි !

colombotoday