Colombo Today Local News

දිනේෂ් ෂාෆ්ටර් මරණයට අදාල රස පරීක්ෂක වාර්තාව පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවට

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව සිදුකළ පරීක්ෂණවලදී ඉදිරිපත්වී තිබෙන රජයේ රස පරීක්ෂක වාර්තාව එම මරණයට හේතු සෙවීම සඳහා පත්කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත යොමුකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (04)දින නියෝග කර තිබේ.

අදාළ මරණ පරීක්ෂණය අද කැඳවූ අවස්ථාවේදී මියගිය අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා විසින් කරන ලද ඉල්ලීමක් සලකාබැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත මෙම නියෝගය නිකුත් කර ඇත.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම මරණකරුගේ දෑත් බැඳ තිබූ ටයි පටියකින් සිදු වූ තුවාල පිළිබඳව රජයේ රස පරීක්ෂක වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කර ඇත.

එම වාර්තාව විමර්ශන කටයුතු සඳහා පංච පුද්ගල වෛද්‍ය කමිටුව වෙත යොමුකරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කර තිබේ.

ඒ අනුව අදාළ නියෝගය නිකුත් කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය මෙම පරීක්ෂණය යළි ලබන 24 වනදා කැඳවන ලෙස නියෝග කර ඇත.

Related posts

කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

colombotoday

විල්පත්තුව ළඟ නැමුණු කොන්ද තැබෑරුම ළඟ කෙලින් වූයේ ඇයි?

colombotoday

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජූනි.. උසස් පෙළ ආරම්භය ජූලි – අධ්‍යාපන ඇමති

colombotoday

අගමැති රනිල් අවුරුදු තුනට 64 වතාවක් හෙළිකොප්ටරයෙන් දෙනියායේ ගිහින් !

colombotoday

රාජ්‍ය ආයතන යළි ආරම්භ කිරීමට ලබන සතියේ විශේෂ චක්‍රලේඛයක්

colombotoday

සම්බන්ධන්ලා, සුමන්තිරන්ලා අගමැති රනිල්ව නටවනවා… අර්බුධය අවසන් නෑ – ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක හිමි

colombotoday