Colombo Today Local News

ගෑස් අඩු කළාට බේකරි නිෂ්පාදන මිල අඩු කරන්න බෑ – බේකරි හිමියන් තවත් සහන ඉල්ලයි

ගෑස් මිල අඩු කළත් බේකරි නිෂ්පාදන වල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.

බේකරි නිෂ්පාදකයන්ගෙන් 75% ක් පමණ ඩීසල්, දර සහ විදුලිය භාවිතා කිරීම මෙයට හේතු වී ඇතැයි ද ඔහු සඳහන් කරයි.

හත් දහසක් පමණ වන සමස්ත බේකරි ප්‍රමාණයෙන් ගෑස් භාවිතා කරනුයේ 2000කට අඩු පිරිසක් පමණක් බවත් ජයවර්ධන මහතා කියයි.

ඩොලරයේ අගය තවදුරටත් පහත වැටී තිරිගු පිටි, මගරින්, බිත්තර මිල ආදිය අඩු වුවහොත් පමණක් ඉදිරියේදී ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

Related posts

අරාබි නවාතැන්පොළ හදන ශ්‍රීපාද අඩවියේ පීක් වත්තේ හෙළිනොවූ ඡායාරූප මෙන්න

colombotoday

මූතූර් ගෙංගෙයි පාලම යටින් අවි තොගයක් හමුවෙයි…

colombotoday

පොහොර සහනාධාර ගැන අලුත් කතාවක්

Admin

වෙඩි ප්‍රහාරයකින් SF ලොක්කා මරුට

colombotoday

මහශිව රාත්‍රීය උදාවේ මන්නාරමේ හින්දු කෝවිල්වටල ප්‍රහාර.. බුදු පිළිම, ශිව, ගණදෙවි පිළිම පැහැරගෙන යති

colombotoday

වෙඩික්කරුවෙකුට ආධාර අනුබල දුන් අයෙක් අල්ලයි

Admin