Colombo Today Local News

අඩු වූ ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,005කින් පහළ දැමෙන බව ලිට්‍රෝ සමාගම පවසයි.

රුපියල් 4,743ක් ව පැවති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,738ක් වන බව අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

එමෙන්ම කිලෝගෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 402කින් පහත දමා තිබේ.

ඒ අනුව 1,904ක් ව පැවති එම ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1,502කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 183කින් පහත දැමෙන අතර රුපියල් 883ක්ව පැවති එහි නව මිල රුපියල් 700ක් වේ.

ලෝක වෙළෙඳපොළේ පවතින මිල උච්චාවචනයන්ට අනුව මෙම මිල අඩුකිරීම සිදුකළ බවද ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

පොහොට්ටුවේ වැඩ සටහන් කිහිපයක් තාවකාලිකව නවතී

colombotoday

අරලියගහ මන්දිරය හිස් කරන්න ඉහළම තැනකින් නියෝග… කාර්යමණ්ඩලය අද රෑ ඉවතට…

colombotoday

අලි සහීර් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

Admin

තෙවරප්පෙරුම ඇතුළු පස් දෙනාට ඇප

colombotoday

මාර්තු මස සිට පොහොර නොමිලේ.. කැබිනට් අනුමැතිය ලැබේ !

colombotoday

එද බුදු හාමුදුරුවන්ට ගල් පෙරළුවා වගේ අද සිංහලේ ඇති පිරිසිදු, බුද්ධිමත්, මට මඩ ගහනවා – සුජීව

colombotoday