World

වසර 50 කට පසු සඳ තරණයට ගගනගාමීන් නම් කරයි

නාසා ආයතනය වසර 50 කට පසුව සිදු කිරීමට නියමිත සඳ තරණ මෙහෙයුම සඳහා ගගනගාමීන් නම් කර තිබේ.

ගගනගාමීන් 4 දෙනෙකුගෙන් යුතු මෙම කණ්ඩායමට කාන්තාවක් සහ අමෙරිකානු කළු ජාතිකයෙකු ඇතුළත් වීම විශේෂත්වයකි.

සඳ තරණ මෙහෙයුමක් සඳහා සම්බන්ධ වන ප්‍රථම කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක්වනු ඇති.

නාසා ආයතනයේ ‘ආටෙමිස් ටූ’ මෙහෙයුම හරහා මෙම කණ්ඩායම 2024 වසරේ අග භාගයේදී සඳ කරා ගමන් කිරීමට නියමිත වේ.

1972 වර්ෂයේ ඇපලෝ 17 මෙහෙයුමෙන් අනතුරුව නාසා ආයතනය ගගනගාමීන් කණ්ඩායමක් නැවත සඳ වෙත යවා නැත.

ඒ අනුව වසර 50 කට පසු සිදු කෙරෙන මෙම මෙහෙයුම හරහා නැවතත් ගගනගාමීන් සඳ මතුපිටට රැගෙන යාම නාසා ආයතනයේ අරමුණයි.

Related posts

චීනය අමෙරිකාවට එකට එක කරයි

colombotoday

නත්තල් උත්සවයකට ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්. 7ක් මරුට.

colombotoday

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

Admin

යුක්‍රේනයේ පාසලකට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

Admin

රසායනික ද්‍රව්‍ය රැගත් එන්.වී.සිම් කිංග්ස්ටන් බහාලුම් නෞකාවේ ගින්නක්

colombotoday

මුස්ලිම් පල්ලිවල ශබ්ද විකාශන තහනම්.. පල්ලි 700ක් වසා දමයි

colombotoday