Colombo Today Local News

සයුරු පුර නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලෙන් ධීව‍රයෙකු බිමට වැටී මරුට

මොරටුව, සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලෙන් බිමට වැටී පුද්ගලයකු අද (03) අලුයම මියගොස් ඇතැයි අඟුලාන පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ සයුරු පුර නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලේ පදිංචිව සිටි 24 හැවිරිදි රසික සම්පත් මාටින් නමැති ධීවරයෙකි.

ඔහුගේ බිරිඳගෙන් සහ දෙමව්පියන්ගෙන් ලද තොරතුරු වලට අනුව මෙම මරණකරු අලුයම 2ට පමණ සයවැනි මහලේ පවතින මළගෙදරකට යාමට පිටත් ව ඇතැයි පොලිසිය පවසයි.

රාත්‍රියේ නිවසට පැමිණෙන අවස්ථාවන්වලදී නිවැසියන්ගේ නින්දට බාධාවක් නොවන පරිදි මෙම පුද්ගලයා කොරිඩෝව දිගේ පැමිණ තුන්වන මහලේ ජනේලයෙන් නිවසට ඇතුළු වීම පුරුද්දක් ලෙස සිදු කරන බව ඔහුගේ නිවැසියන්ගෙන් ලද කටඋත්තරයේ සඳහන් බව පොලීසිය පවසයි.

අනතුර සිදු වු දිනද සුපුරුදු ලෙස ජනේලයෙන් නිවසට පැමිණීමේ දී මොහුට යම් අනතුරක් සිදුවූයේ ද එසෙත් නොමැති නම් මනුෂ්‍ය ඝාතනයක් ද යන්න බව සොයා බැලීමට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය සදහන් කරයි.

Related posts

ශාසනය ගොඩගන්න තනිවම හරි සටන් කරනවා – ඥානසාර හිමි

colombotoday

මන්නා රමේෂ් ඩුබායිහීදී හසු වේ

Admin

පුංචි ජන්දය තවත් මාස 6කින් කල් යයි

colombotoday

නිවසක් මතට පස් කන්දක් කඩාවැටී තිදෙනෙකු මරුට

colombotoday

මංගලගේ සම්බන්ධිකරණ ලේකම් සහ ටෙලිකොම් අධ්‍යක්ෂක ඉන්දියානු ගණිකා ජාවාරමක

colombotoday

යහපාලන රජය රටින් රබර් ගෙන්නන්න කෝටි 18,000 වැය කරලා

colombotoday