Colombo Today Local News

ලක්ෂ 50 යතුරු පැදි ඉස්සූ හොර දෙටුවෙක් මාට්ටු

යතුරුපැදි මිලදී ගන්නා මුවාවෙන් ගොස් ඉතා සූක්ෂම අයුරින් රුපියල් ලක්ෂ 50 කට ආසන්නව වටිනා යතුරු පැදි අටක් සොරා ගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.

සැකකරු එම වංචා ට යොදා ගත් ජංගම දුරකථන දෙකක් සහ සිම්පත් හතරක් ද පොලිස් බාරයට ගෙන ඇත.

යතුරු පැදි විකිණීම සඳහා අන්තර්ජාලයේ දැන්වීම් පළ කර ඇති ස්ථාන සොයා ගොස් යතුරුපැදිය පරික්ෂා කරන මුවාවෙන් මෙම සොරකම් සියල්ල සිදුකර ඇති බව පොලිසිය පවසයි.

හෝමාගම කොට්ටාව කැස්බෑව පිළියන්දල හා කහතුඩුව පොලිස් වසම්වල මෙම සොරකම් සිදු කර ඇත.

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාශයේ පොලිස් සැරයන් 60161 වසන්ත නිලධාරියාට සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස සොරාගත් යතුරු පැදි බොරලැස්ගමුව පිලියන්දල ආදී ප්‍රදේශ වල යතුරුපැදි විකුණන ස්ථාන වලට අඩු මුදලට විකුණා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

තවත් යතුරු පැදියක කොටස් සැකකරු පදිංචි පිළියන්දල මකුළුදූව නිවසේ සඟවා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

සැකකරු එම යතුරු පැදි විකුණා ඇත්තේ ඊට අදාළ ලිපි ලේඛන නැති වූ බව පවසමින් පොලිස් පැමිණිලි වාර්තාවක් ද ඉදිරිපත් කරමින් බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අයිස් මත්ද්‍රව්‍ය වලට තදින් ඇබ්බැහි වූවෙකි.

Related posts

එජාප පසුපෙළ මන්ත්‍රීවරු 29ක් අලුත් ආණ්ඩුවකට සහය පලකරයි… කොන්දේසි මෙන්න

colombotoday

රනිල් ශ්‍රීලනිප ඇමතිලා ලවා කොස්ඇට බාවනවා..

colombotoday

2015- 2019 බුද්ධි සමාලෝචන රැස්වීම් ගැන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙයි

colombotoday

යාපනේ ඉඩම් අවුලක්? සුමන්තිරන් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි

Admin

“වැට් බද්ද වැඩි කළොත් බස් ගාස්තුවත් නග්ගනවා” – ගැමුණු විජේරත්න

colombotoday

‘සොජිට්ස්’ බලාගාරය අක්‍රීය වෙයි. ඉන්ධන නෑ

colombotoday