Colombo Today Local News

බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

තලවකැලේ, ලිඳුල, ෆර්හෑම් වත්තේ වතු කම්කරුවෙකු බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් අද (31)දින ජීවිතක්ෂයට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලිඳුල, ෆර්හෑම් වත්තේ පදිංචිව සිටි ජෝශප් එඩ්වඩ් නම් 72 හැවරදි අයෙකි.

වත්තේ වැඩ කරමින් සිටි පුද්ගලයන් අතරට එකවරම බඹර කූඩුවක් කැඩී වැටී එහි සිටි බඹරුන් ඇවීස්සී පුද්ගලයන් දෙදෙනෙකු හට දෂ්ඨ කොට ඇති බව පොලීසිය කියයි.

බඹරුන් දෂ්ඨ කරන ලද පුද්ගලයන් දෙදෙනෙකු රෝහලට රැගෙන ආ බවත්, ඉන් එක් අයෙකු රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බව ලිඳුල ප්‍රාදේශිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඒ. ජෙයරාජන් මහතා සදහන් කරයි.

අනෙක් පුද්ගලයාටද විශාල බඹරුන් පිරිසක් දෂ්ඨ කොට ඇති බවත්, එම පුද්ගලයා නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බවද ජෙයරාජන් මහතා පවසයි.

Related posts

ශරියා විශ්වවිද්‍යාලය හදන්න රජයේ ඉඩම් අක්කර 15ක් හොරෙන් අරන් !

colombotoday

බ්‍රිතාන්‍ය යුරෝපා අවුලෙන් අපිත් අමාරුවේ.. ඉක්මනට ETCA ගහන්න වෙයි !

colombotoday

වැඩි මිලට එළවළු විකුණූ වෙළඳුන් 4 ක් අත්අඩංගුවට

colombotoday

මහබැංකු වංචාවෙන් අර්ජුන ගොඩ දාන්න එජාපය ටීඑන්ඒ සහය ඉල්ලයි

colombotoday

සමහරුන් පොත් ලියා යුධ රහස් හෙළිකරලා.. නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.. යුද්ධය ගැන මාත් පොතක් ලියනවා

colombotoday

වෙලේ සුදාගේ සහෝදරිය අතුළු තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday