Colombo Today Local News

වයඹ DIG ඇතුළු නිලධාරින් 5කට ස්ථාන මාරුවීම්

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 05 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබාදි තිබේ.

පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා, පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, පුත්තලම පොලිස් අධිකාරිවරයා සහ ආණමඩු පොලිස් ස්ථානාධිපතිවරයාට එසේ ස්ථාන මාරුවිම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් මූලස්ථානයට මාරුකර යවා තිබේ.

සෙසු නිලධාරීන් මාරුකොට ඇත්තේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයටයි.

මේ අතර වයඹ පළාත භාර වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සජීව මැදවත්ත මහතා පත්කර තිබේ.

Related posts

කොටහේන 6වන පටුමගේ වෙඩිතැබීමක්

Admin

අසේල සම්පත් පැහැරගෙන නෑ. – සිදුව ඇත්තේ අත්අඩංගුවට ගැනීමක්

colombotoday

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 45ක්

Admin

ගෝඨා අත්අඩංගුවට? ඇවන්ගාඩ් සේනාධිපති රජයේ සාක්කිකරු?

colombotoday

නිට්ටෑවන් සොයා තන්තිරිමලයේ මෙහෙයුමක්… හෝඩුවාවක් හමුවෙයි…

colombotoday

මහින්ද රාජපක්ෂත් ප්‍රභාකරන් වගේමයි.. ඔහු කරන්නෙත් ප්‍රභාකරන් කරපු දේමයි – විජයමුණි සොයිසා

colombotoday