Colombo Today Local News

පොලිස් සහ ත්‍රිවිද හමුදා ආරක්ෂාව යටතේ ඉන්ධන බෙදා හරින බව ඇමති කංචන කියයි

අද උදැසන 6.00 සිට මුතුරාජවෙල සහ කොළොන්නාව පර්යන්තවලින් දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම ආරම්භ කර ඇතැයි, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

පොලිසිය සහ ත්‍රිවිද හමුදාවේ ආරක්ෂාව යටතේ අදාළ බෙදාහැරීම් සිදු වන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මේ වන විට රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ද අමාත්‍යවරයා පවසයි.

කෙසේ වෙතත් ඇතැම් ඉන්ධන පිරවුම්හල් ලබන පළමු වැනිදා සිදුකීරිමට නියමිත මිල සංශෝධන අපේක්ෂාවෙන් ඉන්ධන ඇනවුම් කර නොමැති බවට පෙනී ගොස් ඇති බව අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් ය.

අමාත්‍යවරයා අදාළ පිරවුම්හල්වලට දැනුම් දී ඇත්තේ, සිය ඇණවුම් ලබා දීමට සහ අවශ්‍ය අවම තොග පවත්වා ගැනීමට කටයුතු කරන ලෙසයි.

Related posts

පෞරාණික වටිනා පිළිමයක් විකිණීමට ගිය අයෙක් අත්අඩංගුවට

colombotoday

මුහුදු රැල්ලට හසු වූ සරසවි සිසුවෙක් මරුට

Admin

හජ් වන්දනා කෝටාව පන්දහස දක්වා වැඩි කරන්නැයි ඉල්ලයි…

colombotoday

හොර පාරෙන් ඕස්ට්‍රේලියා පනින්න අනුබලදුන් 5ක් අත්අඩංගුවේ

colombotoday

හැදුනුම්පත් කාර්යාලයේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටී

colombotoday

අස්වැසුම අභියාචනා සලකා බැලීම අවසන්

Admin