Colombo Today Local News

හරක් කටා වෙනුවෙන් ඉදිරිපත්වීමට එරෙහිව සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට අද (24)දින විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.

ඒ, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු මෙන්ම අපරාධකරුවෙකු ලෙස සැලකෙන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නමැත්නා වෙනුවෙන් නීතිඥවරයෙකු ලෙස නීතිඥ සාලිය පීරිස් මහතා ඉදිරිපත්වීමට විරෝධය දක්වමිනි.

‘හරක් කටා’ නමැති මෙම අපරාධකරුවා විසින් සිය ඥාතීන් ඝාතනය කර ඇති බවත් ඒ වෙනුවෙන් තමන්ට පොලීසියෙන් හෝ නීති මාර්ගයෙන් මෙතෙක් කිසිදු සාධාරණයක් හිමිවී නොමැති බවත් විරෝධතාකරුවන් පෙන්වා දෙයි.

එවැනි තත්ත්වයකදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ‘හරක් කටා’ වෙනුවෙන් ඉදිරිපත්වීම යුක්තිසහගත නොවන බවට විරෝධතාකරුවන් චෝදනා කරයි.

නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ පුද්ගල ඝාතන 5ක්, කොල්ලකෑම් 6ක් සහ මහ පරිමාණයෙන් මුහුදු මාර්ගය හරහා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670කට අධික ප්‍රමණයක් මෙරටට එවීම සම්බන්ධයෙන් චෝදනා ලත් පොලීසියට අවශ්‍යව සිටි අපරාධකරුවෙකි.

මෙරටින් පැනගොස් විදෙස්ගතවී සැඟව සිටි මෙම අපරාධකරුව පසුගියදා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව පසුගිය 15 වනදා ඔහුව දිවයිනට රැගෙනආ අතර ඉන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමි විය.

මේ වනවිට එම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා පරීක්ෂණ සිදුකරමින් පවතී.

Related posts

විදුලියත් අඛණ්ඩ වැඩ වර්ජනයක…?

colombotoday

මෙවර මහ මැතිවරණයේ වියදම කෝටි 1000යි

colombotoday

ස.ජ.බ.ට සහය දැක්වූ මහජන නියෝජිතයින් 21 ක් යළි එජාපයට

colombotoday

සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

රජය දිගුකාලීන ඛනිජ තෙල් ගිවිසුමකට අත්සන් කරයි

Admin

ආර්ථික කමිටුවක් තිබෙන බව කී ජනාධිපතිවරයා මුදල් අමාත්‍යංශය අරගෙන

Admin