Colombo Today Local News

මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණු ආර්ථික අර්බුදය හමුවේද මෙරට බැංකු පද්ධති ස්ථාවරව පවත්වා ගැනීමට හැකියාව ලැබුණු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“ඔබ සැම දන්නවා නූතන ව්‍යාපාරික ලෝකයේ බැංකුකරණය වඩාත් අභියෝගකාරී මෙහෙයුමක් බව. නූතන බැංකුකරණයේදී එම අභියෝග විවිධාකාරයි. අමෙරිකාව, එක්සත් රාජධානිය සහ යුරෝපයේ වුවත්, ලොව පුරා අපට දිනපතා අසන්නට ලැබෙනවා බැංකු පද්ධති මුහුණදෙන අභියෝග ගැන.මේ නිසයි අපේ වාණිජ බැංකු වුවත් ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි ආකාරයෙන් යම් ඉඩක් තබා සූදානම් විය යුත්තේ. ද්‍රවශීලීතාව, ප්‍රාග්ධනය සහ කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව පිළිබඳ එහිදී අවධානය යොමුකළ යුතුයි. නියාමනයටද කෙතරම් වේගයකින් අභියෝගයකදී මැදිහත්විය හැකිද යන්නත් වැදගත්වනවා. අප පසුගිය සතිය තුළත් ගෝලීය බැංකු පද්ධති මුහුණදුන් එවැනි අවස්ථාවන් දුටුවා. ශ්‍රී ලංකාවේ පසුගිය කාලය තුළ දුෂ්කරතාවන් රැසක් පැවැතුණු අතර මෑත කාලයේ වුවත් එවැනි අර්බුදකාරි තත්ත්වයන් පැවැතුණා.එහෙත් එම අර්බුද හමුවේ වුවුද මෙරට බැංකු පද්ධතිය ස්ථාවරව පවත්වා ගැනීමට අපට හැකියාව ලැබුණා. ඉදිරියේදීත් බැංකු පද්ධතියේ එවැනි ස්ථාවරතාවයක් පවත්වාගත හැකි බව මට විශ්වාසයි.”

Related posts

වැට් 15% දක්වා ඉහළට, දැන් ක්‍රියාත්මකයි.. දුරකථන, අන්තර්ජාල බද්ද 48% තෙක් නගී

colombotoday

සුභසාධක ගෙවීම් ජූනි මාසයේ සිට… ගෙවීම් සිදුකෙරෙන්නේ මෙහෙමයි

Admin

Video: පන්සල් ඉදිකිරීම නවත්වන්න දෙමල සංධානයට අයිතියක් නෑ – එන්.අරුනකාන්ත්

colombotoday

2023 උසස් පෙළ කාලසටහන මෙන්න

Admin

මහජන ආරක්ෂක ඇමති සිංගප්පූරුවේ නිල සංචාරයක

Admin

මුදල් රාජ්‍ය ඇමතිගේ ලේකම් බ්‍රෝඩ්ලන්ඩ් ජල ව්‍යාපෘතියේ යකඩ ජාවාරමක – වගකිවයුතු නිලධාරීන් නිහඬ‍යි

Admin