Colombo Today Local News

උත්සව සමයේ පාරිභෝගික නීති කඩ කරන්නන් සොයා වැටලීම්

උත්සව සමයේ පාරිභෝගික නීති කඩ කරන්නන් සොයා විශේෂ වැටලීම් ලබන මස 25 වැනිදා දක්වා ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

මේ යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ගබඩා හා සිල්ලර අලෙවි සැල් දිස්ත්‍රික් මට්ටමින් පරීක්ෂා කිරීමට කණ්ඩායම් අනියුක්ත කර ඇති බව අධිකරිය පවසයි.

මීට සමගාමීව රෙදි පිළි මෙන්ම විදුලි භාණ්ඩ ඇතුළු තෑගි භාණ්ඩ අලෙවි සැල් ද පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි.

කල් ඉකුත්වූ භාණ්ඩ අලෙවි කිරීම, කොන්දේසි පනවා භාණ්ඩ අලෙවි කිරීම ඇතුළු පාරිභෝගික පනතේ වැරදි සිදු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගැනීමට කටයුතු කරන බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කර සිටි.

Related posts

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකගෙන් නිවේදනයක්

colombotoday

ගෝඨාට සහාය දක්වන්න ශ්‍රිනිප තීරණයක් නෑ

colombotoday

ජාතික තව්හීත් ජමාත් කල්ලියේ සාමාජිකයෙක් කටුනායකින් අත්අඩංගුවට

colombotoday

ඉන්ධන ලබාදෙන දින වෙනස් වෙයි… අලුත් දින මෙන්න

colombotoday

රටට අවශ්‍ය “වියත් මග“ නෙවෙයි.. මහින්ද යටපත් කරගෙන ඉදිරියට පැමිණීමට කිසිවෙකුට ඉඩ දෙන්නෑ..

colombotoday

දුම්රිය මාර්ගය වසා සිටි රඹුක්කන විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර

colombotoday