Colombo Today Local News

කොස්තාපල්වරයකුට පොරොවෙන් කෙටූ හිටපු එල්.ටී.ටී.ඊ සමාජිකයෙක් අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

මඩකලපුව කලවංචිකුඩි ආරියම්පති ප්‍රදේශයේ පවුල් ආරවුලක පැමිණිල්ලක් විභාග කිරීමට ගිය කලවංචිකුඩි පොලිසියේ කොස්තාපල්වරයකුට පොරවකින් පහර දී තුවාල සිදු කළ හිටපු එල්.ටී.ටී.ඊ සමාජිකයකු අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 47 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු බීමතින් බිරිඳට හිරිහැර කරන බවත්, ඇයට නිවසට පැමිණීමට නොදෙන බවටත් ඇය පෙරේදා (18)දින කාන්තන්කුඩි පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය ඊයේ (19) පෙරවරුවේ පැමිණිල්ල විභාගයට ගිය අවස්ථාවේ මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය පවසයි.

පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා සැකකරු මුන ගැසීමට ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ ඔහු පොලිස් නිලධාරීන් සමග බහින් බස් වී පොලිස් නිලධාරියකු වෙත පොරෝ තලයකින් පහර දී ඇති බව පොලිසිය සඳහන් කරයි.

පොරෝ තල පහර වැදීම නිසා තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මඩකලපු රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

කලහාකාරි ලෙස හැසුරුණු සැකකරු සමග සෙසු පොලිස් කොස්තාපල්වරයා පොරබදා ඔහු මෙල්ල කර ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේ මේ දී ඔහුගේ කලිසම් සාක්කුවේ තිබී අත් බෝම්බයක් සොයාගත් බව පොලිසිය පවසයි.

Related posts

අපේක්ෂකයින්ට අද සිට මනාප අංක නිකුත් කරයි

colombotoday

මස් කර්මාන්තශාලාවට මම ගියේ ආරාධිතයෙක් විදිහට. මේක මඩක් මම නිර්මාංශිකයි – නාමල්

colombotoday

මල්වර උත්සවයට – මළගෙදරට ආ පිරිස අතර ගැටුමෙන් 3 ක් රෝහලේ..18 ක් පොලිසියේ

colombotoday

අභියාචනාධිකරණය වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමයි.

colombotoday

නාලක කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

උතුරේ දරුවන්ට පෙන්වීමට ‘කොටි කෞතුකාගාරයක්‘ හැදීමට යෝජනා වෙයි

colombotoday