ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නව දිස්ත්රික් සංවිධායකවරුන් සහ ආසන සංවිධායකවරුන් 26 දෙනෙකුට අද (29) පෙරවරුවේ ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලිපි ලබා දුන්නේය.
මෙම පිරිස අතර එස්.බී. දිසානායක මහතාට හෙවාහැට සංවිධායක ධුරයද,මහින්ද සමරසිංහ මහතාට පානදුර ආසන සංවිධායක ධූරයද,ඉසුර දේවප්රිය මහතාට මහරගම ආසන සංවිදායක ධුරයද,රංජිත් සොමවංශ මහතාට අගලවත්ත ආසන සංවිධායකධූරයද,සුමිත් ලාල් මෙන්ඩිස් මහතාට කලුතර සම සංවිධායක ධුරයද මෙහිදි පිරනැමුණි.
මේ අතර ප්රසන්න රණතුංග මහතා මිනුවන්ගොඩ ආසන සංවිධායක ධරයෙන් ඉවත්කර තිබෙන අතර ඒ වෙනුවට පත් කර ඇත්තේ පසුගිය මැතිවරණයෙන් පරාජයට පත්වූ රුවන් රණතුංග මහතායි. දිලුම් අමුණුගම මහතා සෙංකඩගල සංවිධායක ධුරයෙන්ද ඉවත් කර ඇත.