Colombo Today Local News

“උ/නැගෙනහිර එක්කර ෆෙඩරල් පාලනයකට ඉන්දියාවෙන් සහාය ඉල්ලුවා” – විග්නේෂ්වරන් හෙළිකරයි

vigneshwaran 262

උතුරු නැගෙනහිර පළාත් දෙක සදහා පෙඩරල් පාලන ක්‍රමයක් ලබාදීමට මැදිහත් වන මෙන් තමන් ඉන්දීය නායකයින්ගෙන් ඉල්ලා සිටි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසයි.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉන්දියාවේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට උතුරු පළාතෙන් ගිය විද්වතුන් පිරිසක් ආපසු පැමිණීමෙන් පසුව ඔවුන්ව පිළිගැනීම පිණිස යාපනයේදී පැවති උත්සවයකදීය.

දෙමළ ජනතාව දේශපාලනික වශයෙන් ඉතාම භීෂණකාරී වටපිටාවක ජීවත් වූ අවස්ථාවේදී ඔවුන්ව බේරාගැනීමට ඉන්දියාව මැදිහත් වූ ආකාර විස්තර කළ ප්‍රධාන අමාත්‍යවරයා මේ අවස්ථාවේදීද ඉන්දියාව මීට මැදිහත්වන බව තමන් විශ්වාස කරන බවද කියා සිටියේය.

ශ්‍රී ලංකා රජය එදා දහතුන්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙරෙහි තල්ලු වූයේ ඉන්දීය රජයේ බලපෑම මත බවද ප්‍රධාන අමාත්‍යවරයා පැවසී ය.

එහි ප්‍රතිපලයක් වශයෙන් බලතල රහිතව හෝ උතුරු නැගෙනහිර පළාත් දෙකට පලාත් සභා දෙකක් ලැබී ඇති බවද සදහන් කළේය.

යුද්ධය හමාරවීමෙන් පසුව දෙමළ ජනතාව යළිත් වරක් දේශපාලන කුණාටුවකට හසුවී සිටින බව පවසන විග්නේ‍්ෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට දේශපාලනමය විසදුමක් වශයෙන් ඇත්තේ පෙඩරල් විසදුමක් පමණක් බව ඉන්දියාව තේරුම් ගෙන ඇතැයිද කියා සිටියේය.

දිනසේන රතුගමගේ – වවුනියාව

Related posts

දරුවන්ගේ දෙවෙනි මවට අපි දුන්න 2500න් බින්දුවක් යහපාලකයන් ගිලලා…” – හිටපු ජනපති

colombotoday

පුද්ගලික පාසල් 400කට කැබිනට් අනුමැතිය… අධ්‍යාපනය පෞද්ගලීකරණය තවත් පියවරකින් ඉදිරියට…

colombotoday

හරක් කටා ඉවාටෝ ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට

Admin

මහින්ද රාජපක්ෂ නැති ශ්‍රීලනිපය හිස නැති මළකදක්.. රටටම හඬන්න වෙන දිනය ඉතා ළඟයි

colombotoday

රහස් ඡන්දයක් තියා එජාප නායක තේරිය යුතු බව නවින් දිසානායක කියයි

colombotoday

ජල ගාස්තු ඉහළට

colombotoday