Colombo Today Local News

හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයෙන් ලංකාවට!


මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගත් නඳුන් චින්තක නොහොත් “හරක් කටා” සහ සළිඳු මල්ෂික නොහොත් “කුඩු සළිඳු” ඇතුළු පිරිස අද (15) උදෑසන දිවයිනට රැගෙන ආ බව වාර්තා වෙයි.

එම සැකකරුවන් පිරිස දිවයිනට රැගෙන ඒම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා මැඩගස්කරය බලා පිටත්ව ගිය අතර ඔවුන් කෙන්යාව, ඉන්දියාව හරහා මෙරටට පැමිණ තිබුණි.

“හරක් කටා” සහ “කුඩු සළිඳු” සමග තවත් හය දෙනෙකු එම කණ්ඩායමේ සිටින අතර නඳුන් චින්තකගේ බිරිඳ බව පැවසෙන විදෙස් ජාතික කාන්තාවක් ද එම කණ්ඩායමට අයත් ය.

පසුගිය 07 වනදා මෙම පිරිස අත්අඩංගුවට ගත් බවට වාර්තා වූ අතර මැඩගස්කර බලධාරීන් ඒ පිළිබඳව මෙරටට දැනුම් දී තිබුණි.

Related posts

අරගලයට සහයෝගය දෙන බව මැලිබන් සමාගම පවසයි.

colombotoday

රාජාංගනය Lockdown

colombotoday

මෙරට කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 1000ත් ඉක්මවයි

colombotoday

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ගැන විශ්වාසය තැබූ ඡන්ද දායකයින්ට ජනපතිගෙන් තුති

colombotoday

“ඉන්දියාවේ මෙන් ප්‍රාන්ත බලයක් ඕන… ඉඩම් පොලිස් බලතලත් ඕන“ විග්නේශ්වරන් මස් රාත්තලම ඉල්ලයි

colombotoday

උතුරු නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරු ජනපති සමඟ අදත් සාකච්ජාවක්

Admin