World

න්‍යෂ්ටික සබ්මැරීන ව්‍යාපෘතියට රටවල් තුනක් එකඟ වෙයි

අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව න්‍යෂ්ටික සබ්මැරීන ව්‍යාපෘතියට එකඟ වී තිබේ.

අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව යන රටවල නායකයින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මැරීන සමූහයක් නිර්මාණය කිරීමේ සැලැස්මේ නව තොරතුරු හෙළි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එකඟ වූ ගිවිසුම යටතේ, ඔස්ට්‍රේලියාවට ප්‍රථමයෙන් අමෙරිකාවෙන් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන 3ක් ලැබෙනු ඇතැයි සඳහන් වේ.

ඉන්දු – පැසිෆික් කලාපය තුළ චීනයේ බලපෑම මැඩලීම මෙම ගිවිසුමේ අරමුණයි.

සබ්මැරීන භාවිත කිරීමට අවශ්‍ය පුහුණුව ලබා ගැනීම සඳහා රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාවේ සාමාජිකයින් මේ වසරේ සිට අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ සබ්මැරීන් කඳවුරුවල වෙත යවනු ඇති.

කලාපය නිදහස් හා විවෘතව පවතින බව සහතික කිරීමට රටවල් තුනම කැපවී සිටින බව ද අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ ය.

එම අවස්ථාවට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සහ බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් සහභාගී වී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

Related posts

පකිස්තානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප‍්‍රහාරයක්

colombotoday

කොරෝනා වෛරසය වැළඳුනු ඉතාලියේ වැඩිහිටි නිවාසයක 31 දෙනෙක් මිය යයි.

colombotoday

ප්‍රවෘත්ති ආයතනයක මාධ්‍යවේදීන් හය දෙනෙකු පොලිස් අත්අඩංගුවට

colombotoday

පෝලන්ත ජනපතිටත් කොරෝනා

colombotoday

හමාස් – ඊශ්‍රායල් ගැටුම් මුල් කර ගනිමින් කැනඩාවේ යුදෙව් පාසල් දෙකකට වෙඩි ප්‍රහාර

Admin

ගාසා සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටි 55ක් මිය ගිහින්

Admin