Colombo Today Local News

“පොලිසිය භාවිත කරන්නේ කල් ඉකුත් වූ කඳුළු ගෑස් නොවේ” – පොලිස් මාධ්‍ය ප්‍රකාශක චෝදනා ප්‍රතික්ෂේප කරයි

විරෝධතා විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් භාවිත කරනු ලබන කදුළු ගෑස් කල් ඉකුත් වූවා යැයි එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ත් එවැනි අහිතකර දේ භාවිත නොකරන බව ත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව ඊයේ (මාර්තු 12)දින පැවසීය.

මේ සම්බන්ධයෙන් විවිධ පිරිස් චෝදනා එල්ල කර ඇති නමුත් පොලිසිය විසින් මහජන විරෝධතාවක් පාලනය කිරීම සඳහා දින ඉකුත් වූ කදුළු ගෑස් භාවිත කරනු ලැබීමක් සිදු නොවන බව ද හෙතෙම පවසයි.

තමා මේ පිළිබඳව මහජන සාමය කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගෙන් තොරතුරු විමසා සිටිය බව ත් පොලිස් දෙපාර්තමේන්තුව සතුව පවතින කඳුළු ගෑස් තොගයන්හි කල් ඉකුත් වූ ඒවා නොමැති යැයි ඔහු දැන්වූ බව ත් ඔහු සඳහන් කළේ ය.

ඕනෑ ම නිෂ්පාදන භාණ්ඩයක දින ඉකුත් වීමෙන් පසු ඒවගේ ක්‍රියාකාරිත්වය නියමිත ආකාරයෙන් සිදු නොවන බව ත් එම තත්ත්වය කඳුළු ගෑස්වලට ද පොදුව පවතින බව ත් ඔහු පැවසීය.

පොලිසිය භාවිත කරන කදුළු ගෑස් සඳහා නිසි ක්‍රියාකාරිත්වයක් නොමැති වුවහොත් විරෝධතාවක් විසුරුවා හැරීමට අවශ්‍ය ශක්තිය එහි අඩංගු නොවන බව ත් දින ඉකුත් වීමෙන් අනතුරුව ඒවා භාවිත නොකරන බව ත් ඔහු සඳහන් කළේ ය.

එවැනි ක්‍රියාකාරීත්වයක් නොමැති උපකරණයක් භාවිත කිරීමෙන් පොලිසිය බලාපොරොත්තු වන සාර්ථකත්වය ලබා ගත නොහැකි බවත් එමගින් නිකුත් කරනු ලබන ගෑස් සීමා වන බව ඒ පිළිබඳව කටයුතු කරන මහජන සාමය කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා තමාට දැනුම් දුන් බව ත් ඔහු පැවසීය.

Related posts

භික්ෂුවට හා කාන්තාවන් දෙදෙනෙකුට නිරුවත් කර පහරදුන් පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්න – මහජන ආරක්ෂක ඇමතිගෙන් නියෝගයක්

colombotoday

තමිල්නාඩු ප්‍රාන්තයේ කොරෝනා රෝගීන් මෙරටට ගෙන්වා ප‍්‍රතිකාර කල යුතුයි- සම්බන්ධන්

colombotoday

මහින්ද ගැන මෛත්‍රී පොතක් ලියයි !

colombotoday

පොල්ගස් – කැපීම තහනම් ගස් ලයිස්තුවට

colombotoday

උත්තර පත්‍ර ඇගයිමේ ගුරුවරු තෙල් ඉල්ලා මහපාරේ

colombotoday

සයිටම් විරෝධය නැවතත් මහපාරේ ඇවිළෙයි.. කදුළු ගෑස්, අධිපීඩන ජල ප්‍රහාර දී විසුරුවාහැරේ

colombotoday