Colombo Today Local News

විදේශ කටයුතු ඇමති පොදුරාජ්‍ය මණ්ඩලයීය දින සැමරුම් උළෙලට එක්වෙයි.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා අද(13)දින පොදුරාජ්‍ය මණ්ඩලයීය දින සැමරුම් උළෙලට සහභාගී වෙයි.

සාමාජික රටවල් එක්සත් කිරීමේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ප්‍රඥප්තියට අත්සන් තබා වසර 10ක් සපිරීමේ සංවත්සර සැමරුම ලන්ඩනයේ මාල්බරෝ හවුස්හි පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලයීය මූලස්ථානයේදී පැවැත්වෙයි.

එහිදී විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පොදුරාජ්‍ය මණ්ඩලයීය සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි මහතා හමුවීමට නියමිත ය.

පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමුවන විදේශ අමාත්‍යවරයා, ඉන්දු – පැසිෆික් කලාපයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය ඈන් මාරි ට්‍රෙව්ලියන් මහත්මිය ද හමුවනු ඇති.

විදේශ අමාත්‍යවරයා අනිද්දා 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගී වෙයි.

එහිදී, රුවන්ඩාව, කෙන්යාව, පාකිස්තානය සහ මලයාසියාව යන රටවල විදේශ අමාත්‍යවරුන් සමග ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.

Related posts

කොරෝනා අඳුම් කට්ටල ඇතුළු සෞඛ්‍ය උපකරණ ගබඩාවක් ගිනි ගනී

Admin

සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කූඨ ජාවාරම්වල නිරත වූ 7ක් දැලේ

colombotoday

එතනෝල් ආනයනය තහනම් කිරීම කිසිදු වෙනසක් නෑ-රමේෂ් පතිරණ

colombotoday

එන්නතක් නොමැතිව රෝගියෙකු මි-ය යයි

Admin

ඌරගස්මංසන්දියේ ගම් 4 ක් හුදෙකලා කරයි

colombotoday

සිංහලයන්ට මඩ ගහන සාකච්ඡාවක් වොෂින්ටන යේදී; ශී‍්‍ර ලංකාවට තර්ජනයක් එල්ලවී ඇත්තේ අන්තවාදී සිංහලයන්ගෙන් බව කියයි!!

colombotoday