World

ආක්ටික් නිත්‍ය තුහින දියවීමෙන් වසර 48,500ක් පැරණි ”zombie” වෛරසයක් හමු වෙයි

ආක්ටික් නිත්‍ය තුහින දියවීමත් සමග වසර 48,500ක් පැරණි ”zombie” වෛරසයක් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආක්ටික් ප්‍රදේශයේ උණුසුම් උෂ්ණත්වය නිසා කලාපයේ නිත්‍ය තුහින පොළවට යටින් මිදුණු පස් තට්ටුවක් – සහ වසර දස දහස් ගණනක් නිද්‍රාශීලීව පැවතීමෙන් පසුව සත්ව හා මිනිස් සෞඛ්‍යයට අනතුරක් විය හැකි වෛරස් නිපදවන බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

ඈත අතීතයේ සිට ඇති වූ වෛරසයන් සම්බන්ධයෙන් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක කථා වස්තුවක් සේ පෙනුනද, ඒවා අවතක්සේරු නොකරන බවට විද්‍යාඥයන් අනතුරු අඟවයි.

සීතල යුද්ධයේ සිට පැවත එන රසායනික හා විකිරණශීලී අපද්‍රව්‍ය දියවීමේදී වන සතුන්ට හානි කිරීමට හා පරිසර පද්ධති කඩාකප්පල් කිරීමට හැකියාව ඇති මෙම වෛරස් මුදාහරින බවයි සඳහන් වෙන්නේ.

NASA Jet Propulsion Laboratory හි දේශගුණ විද්‍යාඥ Kimberley Miner සදහන් කරන්නේ, “නිත්‍ය තුහින පිළිබඳ සැලකිලිමත් විය යුතු බොහෝ දේ සිදුවෙමින් පවතින අතර ඒවායින් පෙන්නුම් කරන්නේ නිත්‍ය තුහින හැකිතාක් ශීත කළ ලෙස තබා ගැනීම ඉතා වැදගත් වන බවයි.

permafrost නොහොත් නිත්‍ය තුහින උතුරු අර්ධගෝලයේ පහෙන් එකක් ආවරණය කරන අතර මෙම නිත්‍ය තුහින වසර ගණනාවක් තිස්සේ ඇලස්කාවේ, කැනඩාවේ සහ රුසියාවේ ආක්ටික් ටුන්ඩ්‍රා සහ බෝරියල් වනාන්තරවලට යටින් පිහිටා තිබෙනවා.

නිත්‍ය තුහින තුළ ඇත්තේ ආලෝකය විනිවිද නොයන ඔක්සිජන් රහිත පරිසරයකි. නමුත් වර්තමානයේ ආක්ටික් උෂ්ණත්වය සෙසු ප්‍රදේශවලට වඩා හතර ගුණයකින් වේගයෙන් උණුසුම් වෙමින් පවතින අතර එමඟින් කලාපයේ නිත්‍ය තුහින ස්ථරය දුර්වල වනවා.

ශීත කළ වෛරස් මගින් ඇති වන අවදානම වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා, ප්‍රංශයේ Marseille හි Aix-Marseille විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය සහ ප්‍රවේණි විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකු වන Jean-Michel Claveri, සයිබීරියානු පර්මාෆ්‍රොස්ට් වලින් ලබාගත් පෘථිවි සාම්පල වෛරස් අංශු ඇත්දැයි පරීක්ෂා කර තිබෙනවා.

Jean-Michel Claveri, පවසන්නේ එහි අඩංගු “සොම්බි වෛරස්” කොටසක් මේ වනවිට සොයාගෙන ඇති බවයි.

දේශගුණික විපර්යාසයන් නිසා ඇතිවන පාරිසරික ගැටළු නිසා සොම්බි වෛරස් වැනි මිනිසුන්ට හා සත්ත්වයින්ට ඉහළ අවදානමක් ඇති වෛරස් ක්‍රියාකාරී විය හැකි බවයි විද්‍යාඥයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Related posts

ට්‍රම්ප් ට යළිත් අධි චෝදනා – අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග..

Admin

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් 17 ක් මරුට

colombotoday

අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි මරා දමයි

colombotoday

තලෙයිබාන් ප්‍රහාර හමුවේ ඇෆ්ගනිස්ථාන හමුදාවන් පළා යයි – නගරයෙන් නගරයට සටන්කාමින් සිය බලය අල්ලා ගනී

colombotoday

ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බාරගනී

colombotoday

ලෝකයේ හදවත ඇමසන්: 20 වැනි දිනටත් නොනැවතී ගිනි ගනී !

colombotoday