ජාතික සංහිදියාවට බාදා කරන දෑ පාසැල් පෙළ පොතෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව චන්ද්‍රිකා කුමාරතුංග පවසයි. පාසැල් ඉතිහාසය පෙළ පොතට ඇතුලත් කර ඇති සමහර කරුණු ජාතික සංහිදියාවට බාධා ඇති කරන බවත් එම කරුණු අසත්‍ය ඒවා බවත් ඊයේ බේරුවල පැවති උත්සවයකට එක්වෙමින් ඇය කියා සිටියේය.
දැනටමත් ඒ සියල්ල අධ්‍යයනය කර ඇති බවත් ඉදිරි කාලයේදී පාසැල්පෙළ පොතෙන් එවැනි පාඩම් ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඇය වැඩිදුරත් අවධාරණය කර සිටියේය.