Colombo Today Local News

හරක් කටා ඉවාටෝ ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට

මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නඳුන් චින්තක නොහොත් “හරක් කටා”සහ සළිඳු මල්ෂික නොහොත් “කුඩු සළිඳු” යන දෙදෙනා ඇතුළු 8දෙනෙක් මැඩගස්කාරයේ ඉවාටෝ ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණේ අත්අඩංගුවට පත් පිරිස අතර හරක් කටාගේ බිරිඳ ද වන බවය.

ඇය මැලගාසි ජාතික තැනැත්තියක් බවට අනාවරණය වී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ හරක් කටා ඇතුළු 5දෙනෙක් පසුගිය පෙබරවාරි 12 වනදා එරට නොසි බි යන ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත්තේ පෞද්ගලික ජෙට් යානයකින් බවය.

පසුදින මොවුන් අභ්‍යන්තර ගුවන් යානයකින් ඇන්ටනානාරිවෝ ගුවන්තොටුපොළ ට පැමිණ ඇති බව ද එම වාර්තාවල සඳහන්ය.

ඒ අනුව ඔවුන්ව අත්අඩංගුවට පත්ව ඇත්තේ පසුගිය 1 වනදා මැඩගස්කරයෙන් පිටව යෑමේදී බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අත්අඩංගුවට පත්වෙන අවස්ථාවේ හරක් කටා පෙනී සිට ඇත්තේ සුපිරි ධනවතෙක් ලෙසිනි.

එම තොරතුරු මත ඉදිරි විමර්ශන ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද පොලීසිය වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

ඇමති මලික්ට එරෙහිව තවත් චෝදනාවක්

colombotoday

තවත් විශ්වාසභංගයකට සියල්ල සූදානම් ! මෙවර එජාපයෙන් !

colombotoday

හරක්කටාට CIDයෙන් පනින්න උදව් කළ සැකකරුවෙකුගේ නිවසින් ජංගම දුරකතන තොගයක් සොයා ගැනේ…

Admin

දෙහිවල ගොඩනැඟිල්ලකින් අත්බෝම්බයක් හමු වෙයි

Admin

ෆයිසර් මුස්තාපා, බදියුදීන් ගාල්ලට.. ඇමති චන්දිමගේ වාහනයටත් ප්‍රහාරයක් !

colombotoday

සැක සහිත මළ සිරුරක් මුහුදු වෙරලේ

colombotoday