Colombo Today Local News

සුබසාධන ගන්න අසත්‍ය තොරතුරු දෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර..- ශෙහාන් සේමසිංහ

සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීම සඳහා අසත්‍ය තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ලැබී ඇති අයදුම්පත් අතුරින් ලක්ෂ 2ක සංගණන කටයුතු මේ වනවිට අවසන් කර ඇති බව ඔහු සඳහන් කරයි.

ඒ සඳහා ඉදිරිපත්ව ඇති සමස්ත අයැදුම්පත් සංඛ්‍යාව, ලක්ෂ 37 කි.

සංගණනය සඳහා පැමිණෙන නිලධාරින්ට අවශ්‍ය සහය ලබාදෙන්නැයි අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කඩිනමින් අදාළ ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බව ද, අමාත්‍යවරයා සදහන් කරයි.

Related posts

එජාප මුල් පුටු වෙනසක්.. රවීගේ තැන ෆොනීට !!

colombotoday

ඇගළුම් ආයතනයේ තවත් 246කට කොරෝනා

colombotoday

මරණ දඩුවම නියම වූ සිරකරුවන් දූපතකට

colombotoday

හෙරොයින් කිලෝ 3ක් සමග පෙදරේරුවෙක් අල්ලයි

colombotoday

බැදුම්කර කොමිසමේ වාර්තාව ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය (සජීවී විකාශය)

colombotoday

මහ නාහිමි ශ්‍රී දේහය අස්ගිරියට වැඩවමති.. අවසන් කටයුතු ඉරිදා

colombotoday