Colombo Today Local News

“කොටියා මැඩීමට හැකිවූයේ රනිල් – ප්‍රභා ගිවිසුම නිසයි” ආරක්ෂක අංශ ජනපතිට අගමැතිට වාර්තාවක් දෙයි

ranil prabhakaran

එල්.ටී.ටී.ඊ සංවිධානය සතුව තිබූ මුහුදු කොටි බළකාය සම්පූර්ණයෙන්ම අඩාල කිරීමට හැකි වූයේ වර්ෂ 2002 දී ස්ථිර සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමත් සමග යැයි සඳහන් කරමින් ආරක්ෂක අංශ රජයට වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ වසර 15 ක කාලය තුළ කළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් කරනු ලැබූ පුළුල් විශ්‍ලේෂණයකට අනුව මේ වාර්තාව සකස් කර තිබේ.

ත්‍රිවිධ හමුදාවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සකස් කළ මෙම වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට භාරදී ඇත.

ඇමෙරිකාවේ සහ ඉන්දියාවේ බුද්ධි අංශ විසින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේවාවන්ට දුන් ඔත්තු අනුව යමින් මුහුදු කොටි නැව් 12 කට අධික සංඛ්‍යාවක් මහ සයුරේදීම විනාශ කිරීමට හැකිවූයේද මෙම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස බවද ඉහත වාර්තාව වැඩිදුරටත් සඳහන් කර ඇතැයි රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කීවේය.

Lakbima

Related posts

සන්නස්ගල වන්දි නඩුවෙන් පරාදයි.. ලක්ෂ 25ක් ගෙවන්න අධිකරණයෙන් තින්දුයි

colombotoday

තවත් ෆයිසර් එන්නත් තොගයක් කටුනායකට

colombotoday

‘ගොල්ෆේස් ගිය අය ගැන තීරණයක් ගන්නවා‘ – සන්ධාන ලේකම්

colombotoday

මරණකරු පොලිසිය විසින් පහළට තල්ලු කළ බවට සාක්‍ෂි නැහැ – ඇමැති සාගල රත්නායක

colombotoday

අශෝක රන්වල අපේ සරසවියේ ඉගෙනගෙන නෑ ජපානයෙන් කියයි

Admin

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin