Colombo Today Local News

ලක්ෂ 30ක මුද්‍රිත පෝරම බොතල් පත්තර කඩේට විසිදාහකට විකුණලා

මරදාන ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික මුද්‍රණ ආයතනයකින් මුද්‍රණය කරන ලද රුපියල් ලක්ෂ තිහකට ආසන්න මුද්‍රිත පෝරම තොගයක් අදාල ආයතන වලට බාර නොදී බෝතල් පත්තර කඩවලට විකුණූ බව කියන එහි සේවකයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන අංශය කියයි.

මුද්‍රණ කටයුතු සඳහා භාරදුන් ආයතනයක් විසින් ඔවුන් ලබාදුන් ඇනවුම් වලට අනුව පොරොන්දු වූ දිනය ද ඉක්මවා ගියත් මෙතෙක් පෝරම තම ආයතනයට නොලැබුණු බව මුද්‍රණාලය හිමිකාරිය වෙත කරන ලද දැනුම්දීමකට අනුව හිමිකාරිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදී මුද්‍රණාලය මඟින් ලබාදුන් පෝරම තොගය මරදාන බොරැල්ල ආදී ප්‍රදේශවලට බෝතල් පත්තර කඩවලට කිලෝ ගණනින් වරින්වර විකුණා රුපියල් රුපියල් 3000 ,4000 ආදී වශයෙන් වරින් වර රුපියල් විසි දහසක් පමණ මුදලක් ලබා ගත් බවට අනාවරණය වී යැයි ඇතැයි පොලිසිය කියයි.

Related posts

දුෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් මාව ඉවත් කලේ රිෂාඩ්ගේ දූෂණ සොයපු නිසා – ලැසිල්

colombotoday

“තව රු.1000 කින් සිමෙන්ති මිල අඩු කරන්න පුළුවන්.”

Admin

දූෂණ විරෝධී පනත සංශෝධන සහිතව සම්මත වෙයි

Admin

කම්කරු වන්දිය දෙගුණ වේ

colombotoday

සංඛ්‍යාත 8ක් අතයටින් මහරාජාට දීලා.. බිලියන 3ක් රජයට අහිමි වෙයි !!

colombotoday

ආර්ථික ප්‍රශ්නය අගවිනිසුරු ඇතුළු සියලු විනිශ්චයකාරවරුන් එකට වාඩි වුණත් උසාවියේ දී විසඳා ගන්න බැහැ.. – ජනපති

Admin